ඉන්නෙ කොයි පැත්තෙද කියලා මම දන්නෙත් නෑ – රනිල්

Date:

අග්‍රාමාත්‍ය තනතුරට පත් වූ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අද අගමැතිවරයා ලෙස පළමුවරට පාර්ලිමේන්තුව ඇමතීය. ඒ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි බාධා කිරීම් මධ්‍යයේයි.

බාධා කිරීම් මධ්‍යයේ සිය කතාව ආරම්භ කළ රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ අද විපක්ෂයේ සිට තමාට බාධා සිදු කරන මන්ත්‍රීවරුන් රැසක් තමාට පෞද්ගලිකව කතා කර ඇමති ධුර ඉල්ලා සිටි බවයි. කෙසේ නමුත් එම මන්ත්‍රීවරුන් කවුරුන්දැයි හෙළි කිරීමට අගමැතිවරයා කටයුතු කළේ නැත.

අගමැති තනතුරට පත් වූ තමා තනි පක්ෂයේ අගමැතිවරයෙකු බවත්, එනිසා අවම වශයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගිවීමටද නොහැකි බවත් ඔහු පවසනවා. පාලමේ මැද තනි වී සිටින බවත් තමන් සිටින්නේ කුමන පැත්තේද යන්න පිළිබඳව තමාවත් නොදන්නා බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

නියෝජ්‍ය කතානායක ධුරය සඳහා කාන්තාවක් පත්කර ගැනීමට අගමැතිවරයා එකඟ වී තිබූ බවත් එහෙත් එම එකඟතාවය කඩකර ඇති බවත් පවසමින් විපක්ෂය අගමැතිවරයාට චෝදනා එල්ල කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ මන්ත්‍රීවරියක එම තනතුර සඳහා පත්කර ගැනීමට තමා එකඟ වී සිටි බවයි. අවසන් වරට එවැනි තනතුරක් සඳහා කාන්තාවක පත්ව සිටියේ සෙනෙට් සභාව ක්‍රියාත්මක වූ සමයේදී බවයි.

කාන්තාවක් නියෝජ්‍ය කතානායක ධුරය සඳහා පත්කර ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් තමාට චෝදනා එල්ල කිරීමෙන් කිසිදු ඵලක් නොමැති බවත්, තමාගේ පක්ෂයෙන් වෙනත් කිසිදු මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුව නියෝජනය නොකරන බවත් අගමැතිවරයා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...