ගෑස් ප්‍රශ්නය පසුපස ව්‍යාපාරික මාෆියාවකුත් තියෙනවා. තව සමාගම් 4ක් 5ක් ආවා නම් හරි – ඇමති දිළුම්

Date:

දැනට උද්ගතව ඇති ගෑස් ප්‍රශ්නය පසුපස ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ගැටළුවකුත් තිබෙන බවත් ව්‍යාපාරිකයකු සිය ව්‍යාපාර පුළුල් කිරීමට බොරදියේ මාළු බාන අයුරින් උත්සාහ කරමින් සිටින බවත් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

“දැන් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රශ්නෙකුත් මේකෙ තියෙනවා. බොරු කියන්න බෑ, අපි ජනතාවට ඇත්ත කියන්න අවශ්‍යයයි. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉන්න අය ඒ අයගේ ව්‍යාපාර පුළුල් කරන්න උත්සාහ කරනවා මේ අවස්ථාවෙදි බොරදියේ මාළු බානවා වගේ. ඒකට බැනුම් අහන්න වෙලා තියෙනවා රජයට. ඒක හින්දා රජය මේ වනවිට මං හිතන්නෙ කටයුතු කරගෙන යනවා, අපටත් යම් විදියකට තිබුණේ තව සමාගම් 4ක් 5ක් මේ ක්ෂේත්‍රයට ඇතුළත් කරන එක. එහෙම වුණා නම් මේ ප්‍රශ්නය ඇතිවෙන්නෙ නෑ”

රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා මේ බව පැවසුවේ පෙරේදා (31) දිනයේදී මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාය යෑමේ අවධානම නිසා වරකාපොළ පවුල් 11ක් ඉවත් කෙරේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : වරකාපොළ ප්‍රාදේශීය කොට්ඨාසයට...

සමාජ සුබසාධක ප්‍රතිලාභ දීම ගැන අලුත් තීරණයක්!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය...

ජලයෙන් යටවූ  නිවාස පිරිසිදු කිරීමේ දීමනාව අඛණ්ඩව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : පසුගියදා ඇතිවූ...