රාත්‍රී කාලයේ නිවෙස් බිඳ දේපළ සොරකම් කරන අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

0
566

රෂිකා හෙන්නායක ජූනි 23, කොළඹ LNW :

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ. ඒ , රාත්‍රී කාලයේ නිවෙස් බිඳ දේපළ සොරකම් කිරීමේ සිද්ධි රැසකට අදාළවයි.

බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැලිකඩ පොලිස් වසමේ නානායක්කාර මාවතේ සිදු කළ වැටලීමකදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ, සැකකරු පසුගිය 17 සහ 18 යන දෙදින වැලිකඩ පොලිස් වසමේ නිවෙස් බිඳ දේපළ සොරකම් කිරීමේ අපරාධ 09කට සම්බන්ධ බවට අනාවරණ වූ බවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු වැඩිදුර විමර්ශන සඳහා වැලිකඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙන බව වාර්තා වේ.