ඉන්දියාවේ ශතක පහ පරදා එංගලන්තයේ ශතක දෙක ජය ගනියි

Date:

නිශ්මං රණසිංහ ජුනි 25, කොළඹ LNW:

ගෙවුුණු දිනවල ක්‍රිකට් පිටියේ වැඩිම කතා බහට ලක් වූයේ ඉන්දියාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරගයේදී ඉන්දියානු ක්‍රීඩකයන්ගේ පිතිහරඹයය.එංගන්තයට එරෙහිව ශතක පහක් වාර්තා කරන්නට ඉන්දීය පිතිකරුවන් සමත් විය.ඒ අතරිව් රිෂාන්ට් පාන්ට් ට ශතක දෙකක් හිමි විය.ඉන්දියාව ප්‍රථම ඉණිමේ දී ලකුණු 6 ක වාසියක් ලැබීය.ඉන්දිය ප්‍රථම ඉණිම ලකුනු 471 ක් වූ අතර එංගලන්තයට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 465 ක් පමණි.ඉන්දියාව වෙනුවෙන් යසස්වි ජයිස්වාල් (101),ෂුබ්මන් ගිල් (147) සහ රිෂාබ් පාන්ට් (134) ශතක රැස් කළහ.ඒ හැරෙන්නට ඉන්දියාව වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළේ කේඑල් රාහුල්ය.ඒ ලකුණු 42 කි.ඊළඟට ඉන්දිය ඉණිමේ වැඩිම ලකුණු ප්‍රමාණය රවින්ද්‍ර ජාඩේජා ලබපු ලකුණු 11 විය.බිංදුම තුනක් ද වාර්තා විය.

පිළිතුරු ලෙස එංගලන්තය ලබා ගත් ලකුණු 354 ට අයත් වූයේ එක් ශතකයකි.ඒ ඔලී පෝප් ලබා ගත් ලකුණු 106 ය.හැරී බෘාක් ට අවාසනාවන්ත ලෙස එක ලකුණකින් ශතකය අහිමි වූ අතර බෙන් ඩකෙට් ලකුණු 62 ක් ලැබීය.ෂැක් ක්‍රව්ලි ලකුණු 4 ක් ලැබීම හැරෙන්නට අන් සියලු පිතිකරුවන්ම පාහේ එම ලකුණු 465 වෙනුවෙන් ලකුණු විස්සට එහා ඉණිම් ක්‍රීඩා කළහ.දෙවන ඉණිමේද යළි ශතකයක් ලද පාන්ට් ලකුණු 118 ක් රැස් කරන්නට සමත් විය.කේඑල් රාහුල්ගේ දායකත්වය ලකුණු 137 ක් විය.ඊට අමතරව ඉලක්කම් දෙකේ ලකුණු සටහන් වූයේ පිතිකරුවන් තිදෙනෙකු වෙතින් පමණි.ඒ නිසා ඉන්දිය ඉණිමට ශතක දෙකකුත් සමඟ යා හැකි වූ දුර වූයේ ලකුණු 364 ක් පමණි.ඒ අනුව එංගලන්තයට පැවරුණු හඹා යාම ලකුණු 371 ක් විය.ඒ වෙනුවෙන් ආරම්භක පිතිකරු යුගලය ඇති කළ සබඳතාවය ලකුණු 188 ක් විය.ෂැක් ක්‍රොව්ලි එයින් ලකුණු 65 ක් ලබා ගත්තේය.නැවත එිගලන්තය අසීරු අඩියකට වැටුණේ ලකුණු 253 වෙද්දී එංගලන්තයට කඩුලු 4 ක් අහිමි විම නිසාය.එහිදී පළපුරුදු ජෝ රූට් කණ්ඩායම වෙනුවෙන් නොසැලෙන නොදැවුණු ඉවසිලි ඉණිමක් දියත් කරමින් නොදැවී ලකුණු 55 ක් ලබා ගෙන එංගලන්තට ජයග්‍රහණය කරා ගෙන ගියේය.

ඔහුගේ උත්සාහයට නායක බෙන් ස්ටොක් ලකුණු 33 න් දායක විය.නොදැවී රූට් සමඟ හයවන කඩුල්ලට ලකුණු 71 ක නොබිඳි සබඳතාවයක් පැවත් වූ ජෙමී ස්මිත් නොදැවී ලද ලකුණු ප්‍රමාණය 44 ක් විය.සමූහයක් ලෙස තරගයකට දායකවීමේ දී වැඩි හැකියාවක් පෙන් වූ එංගලන්තය ඉන්දියාවේ පිතිකරුවන් කිහිප දෙනෙකු පෙන් වූ පෞද්ගලික දක්ෂතා අභිබවා නැඟී සිටියේය.ක්‍රිකට් සමූහයක ප්‍රයත්නයක් මිස හුදෙකලා පුද්ගලයන් මත යැපෙන දෙයක් නොවන බව ක්‍රිකට් අයිතිකාරයන් එංගලන්තයට පෙන්වා දුන්නේ ෂුබ්මන් ගිල්ගේ මංගල නායකත්වයට හොඳ පාඩමක් ද එකතු කරමින්ය.එසේම තරගයක අත හැරෙන උඩ පන්දු යනු ජය සමඟ තරගය අහිමි වීමක් බව ද ඉන්දියාව දෙවන තරගයට පෙර කල්පනා කරනු ඇත.ලකුණු සටහන පහත ඇති අතර කණ්ඩායම වෙනුවෙන් දෙවන ඉණිමේදී වටිනාම ඉණිම දියත් කළ බෙන් ඩකට් මේ සමඟ වන ඡායාරූපයේ දැක්වෙන්නේය.https://bit.ly/3HRnnKZ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුගතදාසෙ නොදීම ගැන හයසින්ත්ගෙන් පුංචි ආඩපාලියක්

නිශ්මං රණසිංහ ජුනි 25, කොළඹ LNW: දකුණු කොරියාවේදී ආසියානු යොවුන්...

නව ඔලිම්පික් සභාපතිණිය ට්‍රම්ප් සමඟ ඔලිම්පික් ගැන තනිව කතා කරන්නට සිතයි.

නිශ්මං රණසිංහ ජුනි 25, කොළඹ LNW: ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති...

‘මම නැතිනම් ඔවුන් තාමත් සටන් කරනවා’ – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිජුනි 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය හා ඊශ්‍රායලය...

පළාත් කොමසාරිස්වරුන්ට තලතාගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී මේ වන විට...