හදිසි ඖෂධ වෙනුවෙන් ජපානයෙන් ඩොලර් මිලියන 1.5ක ආධාරයක්!

Date:

ආර්ථික අර්බුද තත්වයක් හේතුවෙන් ඖෂධවල හිඟතාවයකට මුහුණ පා ඇති ශ්‍රී ලංකාවේ වඩාත් අවදානමකට ලක්වියහැකි සමාජ කණ්ඩායම් වල හදිසි අවශ්‍යතාවන් සපුරාලීම සඳහා ජපාන රජය විසින් අත්‍යවශ්‍ය ඖෂධ ආධාර යුනිසෙෆ් ආයතනය හරහා මෙරටට ලබා දීමට තීරණය කර තිබේ.

ඒ අනුව ජපානය මෙරට ඖෂධ අවශ්‍යතාව සපුරා ගැනීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක දායකත්වයක් ලබා දී ඇත.

එමඟින් මිලියන 1.2කට අධික පිරිසකගේ ඖෂධ අවශ්‍යතාව සපුරා ලීමට නියමිතයි.

ගැබිනි කාන්තාවන් සහ කිරිදෙන මව්වරුන් 53,000 ක් සහ රෝගී දරුවන් 122,000 කට ආසන්න සංඛ්‍යාවක් මෙම මිලියන 1.2 කට ඇතුළත් වෙයි.

සෞඛ්‍යය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය යටතේ ශ්‍රී ලංකාව පුරා විහිදී ඇති සෞඛ්‍යය මධ්‍යස්ථාන කරා මෙම ඖෂධ බෙදාහැරීමටයි යෝජනා වී ඇත්තේ.

එම ජපාන ආධාරය යටතේ ඖෂධ වර්ග 25ක් සපයා ගැනීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ වැඩ බලන ජපාන තානාපති කත්සුකි කොටාරෝ මහතා පවසන්නේ “ඉතා ඉක්මනින් අවශ්‍ය වන ඖෂධ වර්ග 25 ක් ඉදිරි මාස දෙකක කාලය තුළදී යුනිසෙෆ් ආයතනය හරහා සපයා ගැනීමට ජපානය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5 ක හදිසි ආධාරයක් ශ්‍රී ලංකාවේ ජනතාවට ලබාදීම පිළිබඳව අපගේ ඉමහත් ගෞරවය ප්‍රකාශ කර සිටින බවත්, අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක වෛද්‍ය සේවාවන් සඳහා වන ප්‍රවේශය ඉහළ නැංවීමට, විශේෂයෙන්ම ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්වීමට දැඩි අවදානමක් සහිත ගර්භනී කාන්තාවන් සහ ළමුන් සඳහා, මෙය උපකාරී වනු ඇති බවත්ය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිනා සාගරයක ඔබ කිමිඳවන අපූරු වීඳි නිර්මාණ කිහිපයක් අදත් LNW තුළින්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  අහඹු හාස්‍යයේ සිට ප්‍රවේශමෙන්...

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...