හිතාගන්න බැරි අයට නඩු වැටෙන්න පටන් අරන් තියෙනවා. නඩු පෝලිමක් එනවා – ඇමති නාමල්

0
949

සටහන – රුවන් නෙළුගොල්ල

විපක්ෂයේ දේශපාලනඥයින් 40 කට වැඩි ප්‍රමාණයකට ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කෙරෙමින් පවතින බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

“හිතාගන්න බැරි අයට මේ වෙනකොට නඩු වැටෙන්න පටන් අරන් තියෙනවා. මේක පෝලිමක් එනවා. අර විමල් වීරවංශ කිව්වානෙ 40ක සෙට් එකක් ඉන්නවා කියලා. 40 ට වඩා වැඩියි මහත්තයෝ. වීරවංශට කියන්න ඕනෙ, වීරවංශත් ඒ ගොඩේ ඉන්නවා”

නාමල් කරුණාරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (ජුනි 26) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.