නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW:
ශ්‍රී ලංකා කාන්තා යොවුන් නෙට්බෝල් කණ්ඩායම ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 8.30 ට අද (ජූනි 27 වන දින) ආසියානු යොවුන් කුසලානය වෙනුවෙන් තරග වැදීමට නියමිතයි.ප්‍රතිවාදී කණ්ඩායම වන්නේ හොංකොං කණ්ඩායම වන අතර ශ්‍රී ලංකාව ගියවර තරගාවලියේදී තෙවන තැනට පත් වුණේ හොංකොං කණ්ඩායම පරාජයට පත් කරමින් වුවත්,වසර දෙකකට පසුව මේ සිඳුවන හමුවීම සම්බන්ධයෙන් අනාවැකි කීමට අපහසුයි.
එහෙත් ශ්‍රී ලංකාව සතුව ඉකුත් තරගාවලිය සම්බන්ධයෙන්ද අත්දැකීම් ඇති ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු සිටින අතර නායකත්වය දරන චලනි නිශා ජාතික කණ්ඩායම ද නියෝජනය කර අත්දැකීම් සහිත ක්‍රීඩිකාවක් වීම නිසා වැඩි අවස්ථාවක් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සතුව තිබෙන බව අනුමාන කළ හැකියි.
