ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් ට්‍රම්ප්ට කිසිවක් ලැබී නොමැති බව ඉරාන උත්තරීතර නායක කමෙනි කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග මත ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනක් වන ෆෝඩෝ, නටාන්ස් සහ ඉස්ෆහාන් පුපුරා යාමට බංකර් බ්ලාස්ටර් බෝම්බ හෙලීම මඟින් ට්‍රම්ප්ට කිසිවක් ලැබී නොමැති බව ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ප්‍රකාශ කර තිබේ.

ඉරානය- ඊශ්‍රයල යුද්ධයෙන් පසු මුල් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් ඉරාන නායකයා සඳහන් කර තිබුණේ, ට්‍රම්ප් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අතිශයෝක්තියෙන් කතා කළ බවත්, ඔවුන්ට කිසිවක් ඉටු කර ගත නොහැකි වූ අතර ඔවුන්ගේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට නොහැකි වූ බවත්ය.

එමෙන්ම කටාර්හි එක්සත් ජනපද ගුවන් කඳවුරට එල්ල වූ ප්‍රහාරය ගැන සඳහන් කරමින් කමේනි අනතුරු අඟවා තිබුණේ, මෙම සිදුවීම අනාගතයේදී ද නැවත නැවතත් සිදුවිය හැකි අතර, ඕනෑම ප්‍රහාරයක් සිදු වුවහොත්, සතුරාට සහ ආක්‍රමණිකයාට සිදුවන වියදම නිසැකවම ඉතා ඉහළ වනු ඇති බවයි.

ඉරානය තම න්‍යෂ්ටික වැඩසටහන සිවිල් අරමුණු සඳහා පමණක් බවත් එය කිසි විටෙකත් න්‍යෂ්ටික අවියක් සංවර්ධනය කිරීමට උත්සාහ නොකළ බවට සඳහන් කර ඇති අතර මීට අමතරව ජනාධිපති ට්‍රම්ප් එළඹෙන සතියේ ඉරානය හා සාකච්ජා ආරම්භ කිරීමට සුදානම් බවට නේටෝ සමුළුවට සම්බන්ධ වෙමින් සඳහන් කළ තිබු අතර ඒ අසම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරමින් ඉරාන නායකයා සඳහන් කර තිබුණේ, එක්සත් ජනපදය සමඟ කිසිදු සාකච්ඡාවක් සැලසුම් කර නොමැති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැතුම් චන්දිමාල් සහ කුසල් ශ්‍රී ලංකාව ලකුණු 211 ක් ඉදරියෙන් තබයි

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පළමු තරගය පහසුවෙන් ජය ගනියි

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහභාගි වන...

මුහුදු මාර්ගයෙන් ගෙන ආ මත් කරල් තොගයක් කල්පිටියෙන් සොයා ගනී!

රෂිකා හෙන්නායක ජූනි 27, කොළඹ LNW : කන්දකුලිය, තුඩාව වෙරළට...