වයස අවුරුදු 24ක් වූ සරසවි සිසුවකු පෝට්සිටි කෘත්‍රීම වෙරළ තීරයට අයත් මුහුදේ පිහිනමින් සිටියදී අතුරුදහන්!

Date:

රෂිකා හෙන්නායක ජූනි 27, කොළඹ LNW :

කොළඹ හා මොරටුව විශ්වවිද්‍යාලවල සිසුන් පිරිසක් කොළඹ වරාය නගරයේ කෘත්‍රීම වෙරළ තීරය අයත් මුහුදේ පිහිනමින් සිටියදී එම සරසවි සිසුන් අතරින් එක් සරසවි සිසුවකු අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.

කොළඹ වරාය පොලීසිය ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති අතර, අතුරුදහන් වූ පුද්ගලයා වයස අවුරුදු 24ක් වන අස්ගිරිය, ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පැවසේ.

ඊයේ (26) උදෑසන කාලයේ, කොළඹ විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ස්නෝකල් පැළැඳ මුහුදේ පිහිනමින් මුහුදු පතුල නීරීක්ෂණ කරමින් සිටියදී එක් සිසුවෙකු මෙලෙස අතුරුදහන්වී තිබේ. පසුව ඔහු පැළැඳ සිටි ස්නෝකලය ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් සොයාගෙන ඇති බව වැඩිදුර වාර්තා වේ.

කොළඹ වරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර, අතුරුදන් වූ පුද්ගලයා සොයා කොළඹ වරාය පොලීසිය, නාවික කොට්ඨාසයේ කිමිඳුම්කරුවන්, රංගල නාවික හමුදා කිමිඳුම්කරුවන් සියල්ලම එකතුව මෙහෙයුම් දියත් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාවාදුන් ෆැන්ටසි එකක මිල කීයද ?

නෙදර්ලන්තේ අගමැති මාක් රටට් ෆූටාර් පාගල් හේ වැඩට එන...

ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරය: වෛද්‍යවරු තිදෙනෙක් අත්අඩංගුවට – අගමැති මෝදීගෙනුත් විශේෂ ප්‍රකාශයක්!

කොළඹ LNW:ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ සිදු...

පාකිස්ථානයේත් මරාගෙන මැරෙන පිපිරීමක්: මියගිය ගණන 12ක් දක්වා වැඩිවෙද්දී තවත් 27කට තුවාල!

කොළඹ LNW:පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි අධිකරණ සංකීර්ණයක් තුළ අද (11) සිදුවූ...

ලක්සල සන්නාමය චීන මැණික් ව්‍යාපාරිකයෙකුට ලබාදීම පසුපසත් ඩීල් එකක් ?

මෙරට හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තරයට රැගෙන යාමේ අරමුණින්...