වයස අවුරුදු 24ක් වූ සරසවි සිසුවකු පෝට්සිටි කෘත්‍රීම වෙරළ තීරයට අයත් මුහුදේ පිහිනමින් සිටියදී අතුරුදහන්!

රෂිකා හෙන්නායක ජූනි 27, කොළඹ LNW :

කොළඹ හා මොරටුව විශ්වවිද්‍යාලවල සිසුන් පිරිසක් කොළඹ වරාය නගරයේ කෘත්‍රීම වෙරළ තීරය අයත් මුහුදේ පිහිනමින් සිටියදී එම සරසවි සිසුන් අතරින් එක් සරසවි සිසුවකු අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.

කොළඹ වරාය පොලීසිය ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති අතර, අතුරුදහන් වූ පුද්ගලයා වයස අවුරුදු 24ක් වන අස්ගිරිය, ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පැවසේ.

ඊයේ (26) උදෑසන කාලයේ, කොළඹ විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ස්නෝකල් පැළැඳ මුහුදේ පිහිනමින් මුහුදු පතුල නීරීක්ෂණ කරමින් සිටියදී එක් සිසුවෙකු මෙලෙස අතුරුදහන්වී තිබේ. පසුව ඔහු පැළැඳ සිටි ස්නෝකලය ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් සොයාගෙන ඇති බව වැඩිදුර වාර්තා වේ.

කොළඹ වරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර, අතුරුදන් වූ පුද්ගලයා සොයා කොළඹ වරාය පොලීසිය, නාවික කොට්ඨාසයේ කිමිඳුම්කරුවන්, රංගල නාවික හමුදා කිමිඳුම්කරුවන් සියල්ලම එකතුව මෙහෙයුම් දියත් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...