නාමල්ගේ නඩුවකට දිනයක්!

Date:

රෂිකා හෙන්නායක ජූනි 27, කොළඹ LNW :

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව සැප්තැම්බර් මස 26 වනදා යලි කැදවන ලෙස කොළඹ මහාධිකරණ නියම කළ බව වාර්තා වේ.ඒ, රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව පවසමින් ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 මුදලක් ලබාගෙන සාපරාදී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් ගොනු කල නඩුවයි.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එම අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටි බව පැවසේ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළව ලැයිස්තුගත කර තිබෙන ලේඛන වලට පරිබාහිර ලේඛන ගණනාවක් ලබා දෙන ලෙස විත්තිය විසින් ඉල්ලා තිබෙන බව සඳහන් කර ඇත.

එම ලේඛන ලබාදීම සඳහා කල් ලබා දෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලීම් කර ඇති අතර, විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ද කියා සිටියේ මෙම නඩුවේ පළමු වන සාක්ෂිකරුගේ ප්‍රකාශයේ කොටසක් පමණක් තමන්ට ලැබී තිබෙන බවත් ඒ සම්පූර්ණ පිටපතට අවශ්‍ය බවත් කියා සිට ඇත.

ඒ අනුව විත්තිය ඉල්ලා සිටින ලේඛන ඔවුන් වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස පැමිණිල්ලට නියෝග කළ විනිසුරුවරයා අනතුරුව නඩුව සැප්තැම්බර් මස 26 වන දා කැඳවන ලෙසත් නියම කළ බව පැවසේ. එදින මෙම නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පවත්වන බවත් විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළ බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: පන් පසිඳුවන්ගේ වීර කතාවන්ට පණ දුන් බ්ලයිටන් ගේ උපන් දිනය අදයි!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද කොමිෂන් සභාවේ සභාපති ධුරයට නව මුහුණක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 11, කොළඹ LNW: ප්‍රකට වෘත්තීය ජනමාධ්‍යවේදියෙකු හා...