ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර විසින් පදවාගෙන ගිය මෝටර් රථය අධිබල විදුලි රැහැන් කණුවක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
ඊයේ (26) රාත්‍රී 11.30 ට පමණ හෙම්මාතගම නගරයේදී මෙම අනතුර සිදුව ඇති අතර එහිදී තුවාල ලැබූ මන්ත්‍රීවරයා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇත.
තමන්ට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවූ බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ.
අනතුර හේතුවෙන් හෙම්මාතගම නගරයට සහ අවට ප්‍රදේශ කිහිපයකට විදුලිය බිඳවැටී ඇති අතර විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පැමිණ මාර්ගයට වැටී තිබූ විදුලි රැහැන් ඉවත් කර යළි විදුලිය ලබාදී තිබේ.
“දින හතරක් පමණ එක දිගට පක්ෂයේ සහ ජනතාවගේ විවිධ කටයුතු වෙනුවෙන් මහන්සි වී වැඩ කිරීමට සිදුවුණා. මාගේ පක්ෂ කාර්යාලය අරණායක තියෙන්නේ. සාමාන්‍යයෙන් එහි වැඩ ඉවර කරලා මම නිවසට එනකොට මධ්‍යම රාත්‍රීය වෙනවා. රියදුරා අරණායක ප්‍රදේශයේ කෙනෙක් නිසා මම ඔහු එක්කරගෙන එන්නේ නැහැ. කිලෝමිටර් 8ක පමණ දුර හැමදාම පදවාගෙන නිවසට එන්නේ මම තනිවම.
මේ අනතුර වුනේ නින්ද ගිහින්. හැපෙනකොට තමයි දන්නේ අනතුරක් වුනා කියලා. නමුත් ඒ වන විට මම පැමිණියේ ඊට වඩා අපහසු මාර්ගයක. නිවස පෙනිපෙනී තමයි මේ අනතුර සිදුවුණේ.
පොලීසියත් ආවා විදුලි බල මණ්ඩලයේ වගකිව යුතු නිලධාරීන් ආවා. හානි වූ විදුලි කණුවට ගෙවන්න ඇස්තමේන්තු සකස් කරලා දෙන්න කිව්වා. එතෙන ගැටලුවක් නැති නිසා වාහනය පටවාගෙන ගරාජ් එකට අරන් ගියා” යැයි රෝහල්ගතව සිටින මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.
