වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා පළාතට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් ස්වැට් ගඟ උතුරා යාම හේතුවෙන් හදිසි ගංවතුර තත්වයක් ඇතිව ඇති බව වාර්තා වේ.

ගංවතුර හේතුවෙන් පවුල් හයක් ගසාගෙන ගොස් ඇති අතර ඉන් අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් තවත් නව දෙනෙකු අතුරුදහන් වී ඇති බව ප්‍රාදේශීය බලධාරීන් තහවුරු කර තිබේ.

වේගයෙන් ක්‍රියාත්මක වූ ගලවා ගැනීමේ කණ්ඩායම් දේශීය ස්වේච්ඡා සේවකයන් සහ පොලිසිය සමඟ සම්බන්ධීකරණයෙන්, ඉක්මනින් සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කළ අතර ක්ෂණිකව ඉන් පසුව පුද්ගලයින් තිදෙනෙකු පණපිටින් බේරා ගෙන තිබිණ. අතුරුදහන් වූවන් සොයා ගැනීම සඳහා මහා පරිමාණ සෝදිසි මෙහෙයුමක් මලකන්ඩ් දිස්ත්‍රික්කය දෙසට විහිදේ.

නියෝජ්‍ය කොමසාරිස්, සහකාර කොමසාරිස්වරුන් සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ සිවිල් නිලධාරීන් මෙහෙයුම පෞද්ගලිකව අධීක්ෂණය කරමින් සිටින අතර අනපේක්ෂිත කාලගුණයක් පවතින මෙම කාල පරිච්ඡේදය තුළ ගංගා සහ ඇළ දොළවලට ඇතුළු වීමෙන් වළකින ලෙස ඔවුන් මහජනතාවගෙන් ඉල්ලා සිටි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...