වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා පළාතට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් ස්වැට් ගඟ උතුරා යාම හේතුවෙන් හදිසි ගංවතුර තත්වයක් ඇතිව ඇති බව වාර්තා වේ.

ගංවතුර හේතුවෙන් පවුල් හයක් ගසාගෙන ගොස් ඇති අතර ඉන් අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් තවත් නව දෙනෙකු අතුරුදහන් වී ඇති බව ප්‍රාදේශීය බලධාරීන් තහවුරු කර තිබේ.

වේගයෙන් ක්‍රියාත්මක වූ ගලවා ගැනීමේ කණ්ඩායම් දේශීය ස්වේච්ඡා සේවකයන් සහ පොලිසිය සමඟ සම්බන්ධීකරණයෙන්, ඉක්මනින් සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කළ අතර ක්ෂණිකව ඉන් පසුව පුද්ගලයින් තිදෙනෙකු පණපිටින් බේරා ගෙන තිබිණ. අතුරුදහන් වූවන් සොයා ගැනීම සඳහා මහා පරිමාණ සෝදිසි මෙහෙයුමක් මලකන්ඩ් දිස්ත්‍රික්කය දෙසට විහිදේ.

නියෝජ්‍ය කොමසාරිස්, සහකාර කොමසාරිස්වරුන් සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ සිවිල් නිලධාරීන් මෙහෙයුම පෞද්ගලිකව අධීක්ෂණය කරමින් සිටින අතර අනපේක්ෂිත කාලගුණයක් පවතින මෙම කාල පරිච්ඡේදය තුළ ගංගා සහ ඇළ දොළවලට ඇතුළු වීමෙන් වළකින ලෙස ඔවුන් මහජනතාවගෙන් ඉල්ලා සිටි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජර්මනියේ ජීවන වියදම් විරෝධතා ප්‍රචණ්ඩ වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ජර්මනියේ ඉහළ යන...

සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින් ජීවමාන ප්‍රතිමාවක්: සජිත් මුල පුරයි!

සජිත් ප්‍රේමදාස මහතා විසින් සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින්...

ටාවිගෙන් තවත් ජාත්‍යන්තර රන් පදක්කමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ මේස පන්දු...

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...