ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

Date:

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward ) තාවකාලිකව වසා දමා ඇතැයි රෝහල් ආරංචිමාර්ග පවසයි.

ඒ, එම වාට්ටුවේ ප්‍රධානියාව සිටි ස්නායු ශල්‍ය විශේෂඥ මහේෂි විජේරත්න පසුගියදා අත්අඩංගුවට ගෙන් රිමාන්ඩ් භාරයට පත් කිරීමත් සමගය.

එම සිද්ධියෙන් පසු එම වාට්ටුවට රෝගීන් ඇතුලත් කිරීම අත්හිටුවා ඇති බවත්, සියලුම ස්නායු අබාධිත රෝගීන් කොළඹ ජාතික රෝහලට අනුයුක්ත කිරීමට කටයුතු කර ඇති බවත් ඉහත ආරංචිමාර්ග වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

ජයවර්ධනපුර රෝහලේ වාට්ටු අංක 18 දරණ ස්නායු රෝග වාට්ටුවේ ICU ඇඳන් 06, HDU ඇඳන් 04 සහ සාමාන්‍ය රෝගීන් 24 දෙනෙකු සඳහා ප්‍රතිකාර ගැනීමට ඉඩ පහසුකම් ඇත. එමෙන්ම මුදල්ගෙවා ප්‍රතිකාර ලැබීමේ කාමර දෙකකින් ද එම ඒකකය සමන්විත වන බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...