තණ්හාය ජායතී සෝකෝ තණ්හාය ජායතී භයං ….

Date:

මගේ ජීවිතේ තරුණ කාලේ ජ.වි.පෙ. න් ලැබුන රළු භෞතිකවාදී ආභාශය නිසා බුද්ධ දර්ශනයේ යම් යම් සංකල්ප එක්ක මම හැප්පුනා..

පස්සෙ පස්සෙ තව තව කියවනකොට මට තේරුනා මතුපිට තියෙන සරළ විඥානවාදී දෙවල්වලට යටින් ජීවිතය ගැන ගැඹුරු යමක් බුද්ධ දේශනාවේ සලකුණු වෙලා තියෙනව කියන එක..

මිනිස්සු ඉගෙනගන්නෙ, ජොබ් කරන්නෙ, බිස්නස් කරන්නෙ මේ හැම සටනක්ම කරන්නෙ තමුනුයි දරුපවුලයි යහතින් ජීවත්වෙන විදියක් හදාගන්ට.. හැබැයි සීමාව පැනලා ගිහින් නොසංසිඳෙන මහා තන්හාවෙන් සල්ලි කඳුගහන්න ගියොත් බොහෝවිට වැඩේ ඉවරවෙන්නෙ තමනුයි දරුපවුලුයි ඔක්කොම විනාශම කරගෙන.

හොඳම උදාහරණය කෙහෙලිය..

සමහරවිට කෙහෙලිය හිරේදිම මැරෙයි..

ගෑණු, දරුවො, බෑනලා බොහෝවිට හිරේ යයි.. ඔවුන් සමාජ නින්දාවට පත්වෙයි..

හොරාකාපුවා රාජසන්තක වෙයි. ඊට අමතරව හරිහම්බකරගත්ත ඒවා බුක්ති විඳින්න තමන්ගෙ කියලා බල්ලෙක්වත් නැතිවෙයි..

තණ්හාය ජායතී සෝකෝ තණ්හාය ජායතී භයං ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න – දෙමව්පියන් නිහඩ විරෝධයක් අරඹයි!

කොළඹ LNW:තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක...

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...