නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW:
ලෝකයේ දැවන්තම මල්ලව පොර සූරයන්ගේ මෙන්ම ඒ කේෂ්ත්‍රයට විවිධ අයුරින් සම්බන්ධ පිරිසත්,ක්‍රීඩක ක්‍රීඩිකාවනුත් ජාත්‍යන්තර මල්ලව පොර සංගමයට තරම්ම ගරු කරන විශ්වාස කරන සමාජ මාධ්‍ය හරහා ශ්‍රී ලංකාවේ මල්ලව පොර සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයට දත්ත සහ තොරතුරු ලබා ගන්නට හැකි United World Wrestling ජාත්‍යන්තර නිල වෙබ් අඩවිය ලෙස ගත හැකි තරමට මල්ලව පොර ක්‍රීඩාවට සමීපය.පෙරළා එය නැවත මල්ලව පොර කේෂ්ත්‍රයේ ගෞරවයට පාත්‍ර වන්නේ ද ඒ තරම්ම ඉහළින්ය.
එම නිල වෙබ් අවකාශය සහ ස්වීය සමාජජාලා පද්ධතිය හරහා ප්‍රසිද්ධ කර තිබෙන කරුණු අතර ශ්‍රී ලාංකේය සියලු ජනතාවට ආඩම්බර විය හැකි වැදගත් කරුණක් ද ඇත.ඒ ජූනි මස මල්ලව පොර ක්‍රීඩිකාව ලෙස ලංකාවේ නෙත්මි අහිංසා නම් කිරිමය.ඇය පමණක් නොවේ,ජපානයේ මල්ලව පොර ක්‍රීඩකයින් දෙදෙනෙකුද නම් කර ඇත.ඒ දෙදෙනාගෙන් කොටාරෝ කියූකා ඔලිම්පික් රන් පදක්කම්ලාභියෙකි.ලෝක සූරයෙකු වන තායිෂි නරිකුනි අනිත් නම් කරන ලද ජූනි මාසයේ මල්ලවපොර තරුවය.
මේ දෙදෙනාම ලෝකය ජයගෙන ඇත.අත්දැකීම් ද ඇත.ඒ තරම් නොපෑහුණ නෙත්මි අහිංසා මේ සඳහා නම් කරන්නේම ඇයගේ විශ්මයට පත් කිරීමේ ජයග්‍රාහී ගමන ගැන අවධානයෙන්ය.ඇය ලංකාව වැනි ලෝක මල්ලව පොර සිතියමේ ජයග්‍රහන සටහන් නොවුණ රටකින් මතුව පාන විස්කම් නිසාය.අවාසන ලේකඩ පදක්කම ගෙන ආ මොහොතේදි පදක්කම් බෙදුණු හැටි පසෙක තබා තාර්කිකව සළකා බැලුවොත් රන් පදක්කම දිනූ උතුරු කොරියානු ක්‍රීඩිකාවට හොඳම සටන දුන්නේ නෙත්මි අහිංසාය.ඇය පැරදුණේ එක ලකුණකින්ය.(4-3)
එහෙත් රටක් හැටියට අපේ ක්‍රීඩා පාළකයින් මේ විහ්මය තියවාගෙන නැත.ඒ අයට වියදම් කරන්න තියෙන වැඩ කන්දරාව කොච්චරද කියා සිතන්නට අපහසුය.හිතන හැටියට ක්‍රීඩා අමාත්‍යංශයට පෙර කලෙක ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ලැබුණ ක්‍රිකට් බඩු කෝටි ගණනකින් බෙදමින් දේශපාලනිකව රටේ ක්‍රීඩාවේ සම්පත් බෙදී යාමේ විෂමතාවයක් පවතිද්දි ,එය දැනෙන්නට අවශ්‍යය මලල ක්‍රීඩකයෙකු වූ සුගත් තිලකරත්න ඊට පටලවා,දේශපාලනික වශයෙන් ද ඔහුව විනාශ කරමින් සිටින දේශපාලන ගැටයක් දකින්නට ලැබේ.සමහර විට සුගත්ට මේ කාරණය දේශපාලන වශයෙන්ම තමන්ට ලැබුණ මාර ඉල්ලමක් ලෙස දැනෙනවා වෙන්නටත් හැකිය.විභාගවලට උත්තර ලියූ සැණින් ලකුණු ලැබෙන්නේ නැති බව පමණක් දැනට කිව හැකිය.
ඒ කාරණාවන් මතු කරන්නට සිඳුවන්නේ ක්‍රිකට් බඩු බෙදීමට වැය කරන මුදලින් අඩක් වැය කර නෙත්මි අහිංසා මේ කීර්තිය ලංකාවට ගෙනා අවසාන මොහොත සටහන් වූ වියට්නාමයට යන්නට ඇයට වියදම් දරන්නටවත් ක්‍රීඩා අමාත්‍යංශයට මුදල් නොතිබුණ බැවිනි.ඒත් ක්‍රීඩා විෂය ඇතුළෙ ලංකාවේ මිනිස්සුන්ට ඉක්මණින් අමතක වන නිසා වසර අවසාන ක්‍රීඩා අස්වැන්න ප්‍රකාශයට පත් කිරීමේදි අපේ රජය යටතේ ක්‍රීඩාව ලද ප්‍රගතියේ හොඳම අවස්ථාවක් ලෙස නෙත්මි අහිංසා වියට්නාමයේදී දිනූ පදක්කම මෙන්ම, United World Wrestling විසින් 2025 වසරේ ජූනි මස මල්ලව පොර ක්‍රීඩිකාව ලෙස ඇයව නම් කිරිම ගැන ක්‍රීඩා අමාත්‍යවරයා තොලේ කටේ නොගෑවී කියනු ඇත.
මේ ක්‍රීඩිකාව රට භාරගත යුතුය.වෙල්පල්ල ජනතාවගෙ සංවිධානයක් සැදී අරගල කර ඇය රටට රැක දෙන ලෙස පැවසිය යුතු තරමේ ක්‍රීඩිකාවක්ය.ඇත්තටම ගමක් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයක් විදිහට එක්ව එසේ නෙත්මි අහිංසා හෝ මේ වන විට ප්‍රදේශෙයේ මල්ලව පොර ක්‍රිඩාව ජාතික කාන්තා මල්ලව පොර සූරියන්ගේ ආයෝජන බිම ලෙස හඳුනාගන්නට තරම් සුරංග කුමාරගේ පුහුණුකාරීත්වය යටතේ ඉස්සි දිදුළමින් තිබියදි වැඩක් කරන්න බැරි ද? මේක හොඳ අවස්ථාවක්.
සල්ලි හොයාගෙන ගිහිං රටේ ක්‍රීඩාවට එපා කියපු ගෞරවයක් ගෙනවිත් දුන්න නෙත්මිට අපේ ගෞරවය.ඇය අපි හැමෝටම ලංකාවෙ කියලා කියන්න පුළුවන් ගෞරවයක් හදද්දි අපිව නියෝජනය කරන ක්‍රීඩාවේ රාජ්‍ය පරිපාලනය ඒ ගෞරවය දෙවැනි කොට සිතන්නේ ඇයි කියන ගැටළුව සුසන්තිකාලා,සුගත්ලාගේ කාලයේ සිටම අපට මතු වුණ ගැටළුවක්.ඒක එක එක කාලවල තමන්ට පෙනී හිටින්න සිඳුවන භූමිකා එක්ක වෙනස් වෙනවා වෙන්න පුළුවන්. ඒ වෙලාවේ රාජ්‍ය දේශපාලනයට ඔවුන්ට සාධාරණය දෙන්න බැරිනම් බැහැල යන්න කියලා ලිව්ව අපිට දැන් නෙත්මිලා වෙනුවෙන් ඒ කතාව කියන්න වෙලා තියෙන්නෙ කාටද?
නෙත්මිලා මේ රටට ඉපදුණ එක පව් කියලා හිතෙන හැටියට හැමදාම ක්‍රීඩාව පවතින්නෙ මොකද? සුගත්ලා,සුසන්තිකාලා,දර්ශලා ගැන හිතුණ ඒ සිතුවිල්ල විතරක්ම වෙනස් නොවි දශක ගණනක් ඉදිරියට නොසැලී ගමන් ගනිද්දී,නෙත්මිලා ට තියෙන එකම ඉඩ ලෝකය ඔවුන්ගේ හැකියාවට දී තිබෙන මිලය.ලංකාවට පදක්කමක් දිනා දිමේ සිහිනය ඇතුළේ සැරිසරනු විනා නෙත්මිලා ඒ ලෝකය දෙස බලන්නේවත් නැත.ඇයට කොඩිය මාරු කරමින් සෙවිය හැකි ධන උල්පත් ගැන අදහසකුත් නැත.අඩුම තරමේ ලෝකයට මෙච්චර වටින බව දැනෙන ක්‍රීඩිකාවක් මේ රටට වටින්නෙ නැති වීම නෙත්මිලාගේ කාලයේ වෙනස් වෙන එකක් නැද්ද? එසේ සිතන විට නෙත්මි කවදාහරි මේ රටේ ක්‍රීඩා ඇමති වුවත් මේවා තියෙන හැටියටම තිබෙන්නට ඉඩ ඇත.
ඒ නිසා දැනට නෙත්මිට සුබ පතන්නෙමු!ලංකාවාසී සැමට ආඩම්බරය ගෞරවය ගෙනෙන දියණියක්වීම ගැන ස්තූතිවන්ත වන්නෙමු!
