එක දවසක් තුළ අපේ තරම් මන්ත්‍රීවරුන්ට නිවාස අහිමි වුණේ ලෝකයේ පළමු වතාවටයි – කැබිනට් ප්‍රකාශක

Date:

එක් දිනයක් තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඝාතනයට ලක්ව තවත් මන්ත්‍රීවරුන් 72 දෙනෙකුගේ නිවාසවලට ප්‍රහාර එල්ල වී ඔවුන්ට නිවාස අහිමි කෙරුණේ ලෝක ඉතිහාසයේ පළමු වතාවට මැයි 09 වනදා ශ්‍රී ලංකාවේදී බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව මැයි 09 වෙනිදා සිදුවීම ලෝක ඉතිහාසයෙහි කළු පැල්ලමක් බවයි ඒ මහතා සඳහන් කළේ.

කැබිනට් ප්‍රකාශකවරයා වශයෙන් පත්ව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ පළමු මාධ්‍ය හමුවට එකතු වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එමෙන්ම තමන්ගේ නිවාස තුළ බියෙන් තොරව ජීවත්වීමේ අයිතිය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හෝ තහවුරු කළයුතු බව අවධාරණය කළ ඒ මහතා මනුෂ්‍ය ඝාතනයකට පසු දරුණුතම අපරාධය වන්නේ නිවසක් ගිනිතැබීම බවත් සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...

Emine Erdogan ගෙන්  Melania Trumpට ලිපියක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ සහ රුසියාවේ...

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගැනත් විමර්ශන ඇරඹේ!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරමින...