රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

Date:

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට ගැනෙනු ඇති බව විශ්වාසදායක ආරංචිමාර්ග පවසයි.

ඒ, අපේ ජනබල පක්ෂයේ මහලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ය.

2020 මහමැතිවරණයේදී අපේ ජනබල පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධ සිද්ධියකට මෙසේ එම පක්ෂයේ මහලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන්ව පැහැරගෙන ගොස් තිබුණු අතර එහිමියන්ගේ හිසට පිස්තෝලයක් තබා තර්ජනය කර හිස් කඩදාසි තුනකට අත්සන් ලබාගෙන තිබූ බව සඳහන්.

මෙම සිද්ධි දාමය අවසානයේ එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තුවට පැමිණියේ අතුරලියේ රතන හිමියන් ය.

එමෙන්ම මෙම සිද්ධියට අදාළව ආන්දෝලනාත්මක පොලිස් ලොක්කෙකු මෙන්ම ප්‍රබල හිටපු දේශපාලනඥයකුගේ ද නම් ඈඳී ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...