රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට ගැනෙනු ඇති බව විශ්වාසදායක ආරංචිමාර්ග පවසයි.

ඒ, අපේ ජනබල පක්ෂයේ මහලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ය.

2020 මහමැතිවරණයේදී අපේ ජනබල පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධ සිද්ධියකට මෙසේ එම පක්ෂයේ මහලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන්ව පැහැරගෙන ගොස් තිබුණු අතර එහිමියන්ගේ හිසට පිස්තෝලයක් තබා තර්ජනය කර හිස් කඩදාසි තුනකට අත්සන් ලබාගෙන තිබූ බව සඳහන්.

මෙම සිද්ධි දාමය අවසානයේ එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තුවට පැමිණියේ අතුරලියේ රතන හිමියන් ය.

එමෙන්ම මෙම සිද්ධියට අදාළව ආන්දෝලනාත්මක පොලිස් ලොක්කෙකු මෙන්ම ප්‍රබල හිටපු දේශපාලනඥයකුගේ ද නම් ඈඳී ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...