මේක හරි භයානක දූපතක් ….

මේ දූපතේ කාලෙන් කාලෙට උතුරෙයි දකුණෙයි මිනිසුන් රහසින් ඝාතනය කරලා තොගේට හොරෙන් වලදාපු සමූහ මිනීවලවල් හම්බවෙනවා.. ඒ මිනී අතරෙ බෝනික්කො බදාගත්ත පොඩි උනුත් ඉන්නවා.. ලොකුම අවාසනාව නම් මේ ඝාතන බොහොමයක් සිදුකර ඇත්තේ ජනතාව ආරක්ෂාකිරීමට සිටින නිල හමුදාවල් විසින්ම වීමයි..

දැන් මේවා කතාකරාට රණවිරුගාය ඉස්මෝලේ ගිහින් තිබුන අවදියේ මේවා එළිපිට ලියන්න, කතාකරන්න බැරි තත්වයක් තිබුනේ..

88 – 89 වකවානුවේදී දකුණේ මෙවන් සිදුවීම් මම ඇහින්ම දැකපුවා තියෙනවා..

එදා රටේ හැම තැනම කිලෝමිටර් හතරෙන් හතර වගේ පොඩි පොඩි හමුදා කඳවුරු තිබුන..ඒ තැන්වල හිටපු කුඩා බටකන්ඩායම් වලට අනදෙන්ට හිටියෙ ලුතිනන්වරු වගේ හමුදාවල පහල මට්ටම්ව්වල නිලධාරීන්… ඒ හැමතැනම වගේ මේ පහල නිලධාරන්ගේ හිතුමනාපෙට තරුණයින් දහස්ගානක් අරන්ගිහින් තොගේට මැරුවා… නිකම්ම නෙමේ මැරුවේ බෙලි කපල මැරුව.. ඇස් කන් උගුල්ලලා මැරුවා. බොකු බඩවැල් එලියට ඇදලා මැරුවා. ඇසිඩ් බැරල්වල ගිල්ලවලා මැරුවා. පනපිටින් ටයර්වල දාලා පුච්චලා මැරුවා.. මරන්ට පුළුවන් හැමවිදියටම මැරුවා..

සමහර අවස්ථාවල තරුණයින් මහදවල් පාරවල් අයින් වලට ඇදගෙන ඇවිත් ප්‍රසිද්ධියේ වෙඩිතියලා මැරුවා..

පස්සෙ කාලෙක සූරියකන්ද, මාතලේ වගෙ තැන්වල රහසෙන් මරලා වලලපු සමූහ මිනීවලවල් හම්බ උනා. ඒ උනාට ඒවට වගකිවයුතු මිනීමරුවන් හම්බ උනේ නෑ..

ඒ තමා මේ දූපතේ හැටි..

ඊට පස්සෙ මේ රහසිගත මිනීවලවල් වැඩේ උතුරට ගියා.. උතුරෙදි තත්වේ බඩාත් බයානක උනා.. මීට හේතුව සමාජය තුල රජයමින් තිබුන ජාතිවාදය නිසා උතුරේ කරපු මහා ඝාතන දකුණේ සමාජය විසින් අනුමත කිරීමයි.. එතෙන්දි ඊට ටික කලකට පෙර දකුණේදී රාජ්‍ය හමුදා විසින් හැටදහසක් පමණ තරුණයින් ඝාතනය කිරතිබීම දකුණේ ජනතාවට අමතක උනා..

මේ චෙම්මනි සමූහ මිනීවලේ සිටි බෝනික්කෙක් සහ කුඩා පාසල් බෑගයක් කරේ ලාගෙන සිටි අඩි තුනක් උස ළමයෙක්ගේ ඇටසැකිල්ලක් ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...