ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

Date:

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW:

රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට ම ක්‍රිකට් උපකරණ ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව 15 වැනි වතාවටත් මේ වසරේදී පැවැත්වීමට නියමිත අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා තරගාවලිියේ අනිවාර්යය අංගයක් වන ක්‍රිකට් ශූරතාවලියේදී මෙම උපකරණ භාවිතා කිරීමේ අවස්ථාව එම විශ්වවිද්‍යාල කණ්ඩායම්වලට උදා වෙනවා.


ඉහළ අධ්‍යාපනය සහ ක්‍රීඩාව එකම මාවතක ගමන් කිරීම උගත් ක්‍රියාශීලී පුරවැසියෙකු රටට දායාද කරන්නට හේතුවක් වන බැවින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සමඟ ලංකාවේ ජනප්‍රියතම ක්‍රීඩාව අතර උද්යෝගී සම්බන්ධයක් ඇති වීම ඉතාමත් වැදගත් වෙනවා.විහ්ව විද්‍යාල ක්‍රිකට් මට්ටම ඉහළට ඒම තුළින් ශ්‍රී ලංකාවට දක්ෂ ක්‍රීඩකයින් ඒ හරහා නිර්මාණය වීම වැදගත් පියවරක් හැටියට සැළකිය හැකි අතර ඉතිහාසයේ එවැනි ශාස්ත්‍රාලීය උගතුන් ජාතික කණ්ඩායම නියෝජනය කළ අවස්ථා වාර්තා වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකු වන ආචාර්ය ජයන්ත ධර්මදාස මෙන්ම භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උපකරණ බෙදාදීම ඉකුත් සතියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී සිදුකෙරිණ. මේ අවස්ථාව දඳහා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා සංගමයේ ක්‍රිකට් අනුකමිටුවේ සභාපති සංජීව ජයසිංහ මහතා ඇතුළු විශ්වවිද්‍යාල 16 ක නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගිව සිටියහ.
ක්‍රිකට් පිති තුනක්, අත් ආවරණ කට්ටල 4 ක්, පා ආවරණ කට්ටල 3 ක්, හිස් ආවරණ 2 ක්, කලවා ආවරණ 4 ක් සහ එක් කඩුලු රැකීමේ උපකරණ කට්ටලයක් මෙම උපකරණ බෑගයට ඇතුළත් වෙයි.


පන්දුවාර 50 ක තරගාවලියක් ලෙසින් ක්‍රියාත්මක අන්තර් විශ්වවිද්‍යාල ක්‍රිකට් ශූරතාවලිය, රාජ්‍ය විශ්වවිද්‍යාල 16 ම සහභාගිත්වයෙන් ජූලිමස 12 වැනි දින ආරම්භ වෙනවා.ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් යටතේ පහත සඳහන් එම විහ්ව විද්‍යාල නියල්ලටම ක්‍රිකට් භාණ්ඩ බෙදා දීම සිඳු වූවා.
පේරාදෙණිය විශ්ව විද්‍යාලය, කොළඹ විශ්ව විද්‍යාලය, කැලණිය විශ්ව විද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, යාපනය විශ්ව විද්‍යාලය, රුහුණු විශ්ව විද්‍යාලය, අග්නිදිග විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා සෞන්දර්ය සහ රංග කලා විශ්ව විද්‍යාලය සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය.


.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...