ඇමරිකාව නිදහස සමරණ දිනය අදයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුලි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදයේ නිදහස් දිනය, සෑම වසරකම ජූලි 4 වන දින සමරනු ලබයි. මෙම ෆෙඩරල් නිවාඩු දිනය මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස ප්‍රකාශ කරමින් 1776 ජූලි 4 වන දින ‘නිදහස් ප්‍රකාශනය’ සම්මත කර ගැනීම සිහිපත් කරයි.

එය මෙවර 249වන නිදහස් දිනය වශයෙන් සැමරෙන අතර එය සාමාන්‍යයෙන් ප්‍රාන්ත පුරා ගිනිකෙළි, පෙළපාළි, බාබකියු, සැණකෙළි, පොළවල්, විනෝද චාරිකා, ප්‍රසංග, බේස්බෝල් ක්‍රීඩා, පවුල් නැවත එක්වීම් සහ දේශපාලන කථා සහ උත්සව සමඟ සමරනු ලැබේ.

1776 ජුලි 04 වැනි දින ඇමෙරිකාව බ්‍රිතාන්‍ය හමුදා වලට මුහුණ දීමට පසුබිම සකස් කරගත් පසුව ජනපදවල ඒකාබද්ධ නියෝජිත සභාව නිදහස් ප්‍රකාශනය ප්‍රකාශයට පත්කළේය. එම ලියවිල්ලෙන් උපතින්ම මිනිසා සතු අහිමිකළ නොහැකි අයිතිවාසිකම් රැසක් ඇති බවත්, ඒවා ආරක්ෂා කර ගැනීමට මිනිසා ආණ්ඩු පිහිටුවන බවත්, ඇමෙරිකාව යනු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් වෙන්වු නිදහස් රටක් බව ප්‍රකාශයට පත්විය. මීට එකඟ නොවු බ්‍රිතාන්‍යයෝ ඊට එරෙහිව සටන් ආරම්භ කළ අතර ගැටුම් වසර කිහිපයක් යනතුරු පැවතිණ

මුල් වසර දෙක තුළ බ්‍රිතාන්‍ය හමුදා ජයග්‍රහණය ලැබුවත් පසුව සිදුකළ සටන් වලදී අසාර්ථක විය.

දෙපක්ෂය අතර සටන් වලදී ඇමෙරිකාවේ සහයට ප්‍රංශය, ස්පාඤ්ඤය සහ ඕලන්දය එකතු වු අතර සටන බ්‍රිතාන්‍යයට අවාසිදායක තත්වයට පත්විය. ඇමෙරිකාවේ සිදුවු සටන් වලින් පරාජයට පත්වීම නිසා බ්‍රිතාන්‍ය විසින් 1783දී සාම සාකච්ඡා වලට යොමු විය.

ඒ අනුව 1783 දී අත්සන් කළ පැරිස් සාම ගිවිසුමෙන් ඇමෙරිකාව නිදහස් ස්වාධින රටක් ලෙස පිළිගන්නා ලදී. පසුව 1789දී නව ව්‍යවස්ථාවක් ඇමෙරිකානු ජනපදවාසීන් විසින් සම්මත කරගත් අතර එහි ප්‍රථම ජනාධිපතිවරයා ලෙස ජෝර්ජ් වොෂීන්ටන් පත්විය.

මෙම ව්‍යවස්ථාව ලොව ප්‍රථම ලිඛිත, සංවිධිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස සැළකේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : පාවෙන අවි...

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...