ටෙක්සාස් හි ඇති වූ හදිසි ගංවතුර තත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු මරුට; කඳවුරු බැඳගත් ගැහැණු ළමයින් 23 දෙනෙකු අතුරුදන්

0
920

සටහන: සශිකලා මධුෂාණි
ජුලි 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ ගිගුරුම් සහිත වැසි සහ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දකුණු-මධ්‍යම ටෙක්සාස් හි ග්වාඩලූප් ගඟ දිගේ ඇතිවූ හදිසි මාරාන්තික හදිසි ගංවතුර තත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 24 දෙනෙකු මරණයට පත්ව ගිම්හාන කඳවුරක සිටි ගැහැණු ළමයින් 23දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

මේවන විට මිලිමීටර් 300 (අඟල් 12) දක්වා වූ අධික වර්ෂාපතනයක් හේතුවෙන්, සැන් ඇන්ටෝනියෝ , කර්, වාකෝ ප්‍රාන්තයේ සමහර ප්‍රදේශ ඉදිරි පැය 24 සිට 48 දක්වා හදිසි ගංවතුරක් ඇතිවීමේ අවදානමක් සඳහා එක්සත් ජනපද ජාතික කාලගුණ සේවය හදිසි ගංවතුර හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් ඇත.

වින්දිතයින් සෙවීමේ දැඩි මෙහෙයුම් අතරතුර මේ දක්වා මළ සිරුරු 10 ක් සොයාගෙන ඇති අතර හෙලිකොප්ටර් 14 ක් සහ ඩ්‍රෝන යානා විශාල ප්‍රමාණයක් යොදා ගනිමින් සෝදිසි කිරීම් අඛණ්ඩවම සිදු කෙරේ,