හදිසි රෝගී තත්ත්වයක්- හමුවේ “හරක් කටා”කොළඹ ජාතික රෝහලට!

Date:

රෂිකා හෙන්නායක ජූනි 05, කොළඹ LNW :

පාතාල කල්ලි නායකයෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ.

ඒ, ඔහුට වැළඳී ඇති චිකුන්ගුන්යා රෝගී තත්ත්වයට ප්‍රතිකාර සිදු කිරීම සඳහා වේ.

ඒ අනුව හරක්කටා කොළඹ ජාතික රෝහලේ 37 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලීසියේ විශේෂ ආරක්‍ෂාව යටතේ ඔහු එම වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි රෝහල් ආරංචිමාර්ග පැවසුවේ.

කොළඹ ජාතික රෝහලේ 37 වන වාට්ටුවේ හරක් කටා පමණක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවද වැඩිදුරටත් වාර්තා විය.

තමන්ට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙසට හරක් කටා පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙන බවද සඳහන් වේ.

කෙසේවෙතත් නිලධාරීන් විසින් එය ප්‍රතික්ෂේප කළ බව වැඩිදුරටත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)

කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් අද (21) නුගේගොඩදී ''මහා...

හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි

කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...

මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය...