මඩකළපුවේ ක්‍රිකට් දක්ෂයන් ඇගයේ

Date:

නිශ්මං රණසිංහ ජූලි 05, කොළඹ LNW:

මඩකලපුව දිස්ත්‍රික් දක්ෂතම ක්‍රීඩකයා අබූර්වන් ක්‍රීඩිකාව ජුලිඅන්නා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මඩකලපුව දිස්ත්‍රික් ක්‍රිකට් ත්‍යාග ප්‍රධානෝත්සවය මඩකලපුවේදී පැවැත්විණ. මෙහිදී එම දිස්ත්‍රික්කය තුළ දක්ෂතා දක්වන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගැයීම වෙනුවෙන් ත්‍යාග පිරිනැමීම ද සිදුකෙරුණේ දිස්ත්‍රික්කයේ ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් මෙන්ම ක්‍රීඩා සමාජ ද සහභාගීත්වය ඇතැව ඇගයීමට ලක් කරමින්ය.

මෙම ත්‍යාග ප්‍රධානයේදී සුපිරි පළාත් තරගාවලිය නියෝජනය කරන ලද ක්‍රීඩකයකුට මෙන්ම එම පුහුණු තරග වලට සහභාගිවුණු ක්‍රීඩකයින් කීප දෙනෙකුටද විශේෂ කුසලතා පිරිනැමීමද සිදු කෙරිණ. මෙම සම්මාන ප්‍රධානයේ වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් මඩකලපුව මෙතෝදිස්ත විදුහලේ ටී. අබූර්වන් ද දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් සෙසිලියා බාලිකා විදුහලේ ජේ. ජුලිඅන්නා ද සම්මාන දිනාගත්හ.

ඇගයීම් ලද ක්‍රීඩක ක්‍රීඩිකා නාම ලේඛනය මෙන්ම මඩකළපුව දිස්ත්‍රිත්තයේ ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල්වල සහ ක්‍රීඩා සමාජවල නාම ලේඛණයද මේ සමඟ දැක්වේ.
කේවල දක්ෂතා
අවු. 13 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා – එස්. එම්. උමර් සල්මි (එරාවූර් අර්ෆා විදුහල)
අවු. 15 න් පහ දකෂතම ක්‍රීඩකයා – එම්. ලතුෂරන් (මෙතෝදිස්ත විදුහල)
අවු. 17 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා – එම්. අබීත් හසන් (එරාවූර් අර්ෆා විදුහල)
අවු. 19 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා – එච්. ආර්. අල් නහයන් (එරාවූර් අර්ෆ විදුහල)
අවු. 19 න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව සහ තුන් ඉරියව් ක්‍රීඩිකාව – ජේ. ජුලිඅන්නා (ශාන්ත සෙසිලියා බාළිකා විදුහල)
අවු. 15 න් පහළ සුපිරි පළාත් තරගාවලිය නියෝජනය – ජේ. ලතුෂරන් (මෙතෝදිස්ත විදුහල – මඩකලපුව)
අවු. 19 න් පහළ සුපිරි පළාත් පුහුණු තරග නියෝජනය – අහසිට් අහමඩ් (අලිගාර් මැදි විදුහල), එන්. එම්. බහීජ් (එරාවූර් අර්ෆා විදුහල), කේ. කිෂාලන් (සාන්තිවෙලී සිත්ති විනයාගර් විද්‍යාලය), වයි. තිෂෝන් (මෙතෝදිස්ත විදුහල)
අවු. 19 න් පහළ සුපිරි පාළාත් කණ්ඩායම නියෝජනය – එච්. ආර්. අල් නහයන් (එරාවූර් අර්ෆි විදුහල)
දක්ෂතම ක්‍රීඩකයා – ටී. අබූර්වන් (මෙතෝදිස්ත විදුහල)
දක්ෂතම ක්‍රීඩිකාව – ජේ. ජුලිඅන්නා (සෙසිලියා බාළිකා විදුහල)
ක්‍රීඩා සමාජ – ඩිස්කෝ ක්‍රීඩා සමාජ, සිත්ති ලකී ක්‍රීඩා සමාජය, ලකී ක්‍රීඩා සමාජය, ශිවානන්ද ක්‍රීඩා සමාජය, කෙලාර් සෙන්ට්‍රල් ක්‍රීඩා සමාජය, නෙන්ට්‍රලයිට් ක්‍රීඩා සමාජය, විපුලානන්ද ක්‍රීඩා සමාජය, යංග් ස්ටාර් ක්‍රීඩා සමාජාය, යංග් හීරෝස් ක්‍රීඩා සමාජය, මැක්ලීමන් ක්‍රීඩා සමාජය.


පාසල් – එරාවූර් අර්ෆා විදුහල, ශිවානන්ද විදුහල, කිරන් මැදි විදුහල, ශාන් .මයිකල් විදුහල, අල්ගාර් මැදි විදුහල, මෙතෝදිස්ත මැදි විදුහල, කාත්තන්කුඩි මැදි විදුහල, හින්දු විදුහල, මීරාවොඩායි අල් හිදායා මහ විදුහල, කරුවෙප්පන්කෙර්නි විපුලානන්ද විදුහල, තුරයිනීලවනායි මහ විදුහල, ශාන. සෙසිලියා බාලිකා ජාතික පාසල, වින්සන්ට් උසස් බාළිකා විදුහල.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයට බලපෑ රික්ටර් මාපකයේ 5.5 ක ප්‍රභල භූ කම්පනයක් හේතුවෙන් පස් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ ඩකා...

ආණ්ඩුවේ කුඩු ඇල්ලිල්ල සංදර්ශනයක්. මුන් 159ක් හිටියාට නීති හදන්නෙ නෑ. හුඟක් අය දැන් මගේ සිංදු අහන්නෙත් නෑ – සංගීත්

වත්මන් ආණ්ඩුවේ මත්ද්‍රව්‍ය වැටළීම් හුදු සංදර්ශනයක් පමණක් බවත් ඒවායි...

ශ්‍රී ලංකා පිතිකරුවොත් තරග විනිසුරුවෝත් අවසාන තරගයට පිවිසෙන්නට ශ්‍රී ලංකාවට තිබුණ ඉඩ අහුරති.

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW නිශාන් මධුශ්ක,නුවනිඳු ප්‍රනාන්දු,සහන් ආරච්චිගේ,දුනිත්...

හැකි පළමු අවස්ථාවේදීම අපි මේ ආණ්ඩුව පෙරළනවා – නාමල් රාජපක්ෂ අභියෝග කරයි

තමන් මේ ජනබලය, ජනමතය ගොඩනඟන්නේ හැකි පළමු අවස්ථාවේදීම ආණ්ඩුව...