ශ්‍රීලනිප මන්ත්‍රීවරු ඇමති ධුර ගත්තෙ අපේ අනුමැතියකින් තොරව – හිටපු ජනාධිපති කියයි

Date:

රට වෙනුවෙන්, විපක්ෂයේ සිටිමින් වත්මන් ආණ්ඩුවට සහාය ලබාදෙන බව ප්‍රකාශ කර තිබියදී මන්ත්‍රීවරුන් බිලි බා ගනිමින් ඇමති ධුර ලබාදීමට කටයුතු කර ඇති බව ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිස්න මහතා පවසනවා. එසේ ඇමති ධුර ලබා ගැනීම සඳහා පක්ෂයේ හෝ පක්ෂ මධ්‍යම කාරක සභාවේ හෝ අනුමැතිය ලබා දී නොමැති බවයි හිටපු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ.

නව අගමැතිවරයෙක් යටතේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ඒ හරහා රටේ අර්බුද විසඳීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළයුතු බවට ශ්‍රීලනිපය යෝජනා කළ බවත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ බහුතරයක් මෙන්ම නීතිඥ සංගමය ඇතුළු සිවිල් සංවිධාන, මහා සංඝරත්නය අදාල යෝජනා පිළිගෙන තිබෙන බවත් හිටපු ජනාධිපතිවරයා පවසනවා.

එසේ තිබියදී නැවතත් සාම්ප්‍රදායික දේශපාලනය අනුව යමින් ඇමති ධුර පෙන්වා මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ.‍‍

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් අමාත්‍යදූර ලබාගැනීම සම්බන්ධව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරනය වී තිබෙන්නේ වර්තමාන රජය තුල අමාත්‍ය දූර බාර නොගෙන පොදු මහජනතාවගේ යහපත වෙනුවෙන් ගන්නා තීරණ සඳහා විපක්ෂය තුල සිටිමින් පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් සහය ලබාදීමයි.

නව අග්‍රාමාත්‍ය වරයෙක් යටතේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සහ එය ක්‍රියාකලයුතු ක්‍රමවේද පිලිබඳ පුලුල් විග්‍රහයක් අප රටට හා රජයට යෝජනා කරන ලදි. අදාල සංකල්පය පාර්ලිමේන්තුවේ බහුතරයක් පක්ෂද මැතිවරණ කොමිෂන් සභාවද අදාල ක්‍රමවේදය සාදනීය ක්‍රමයක් ලෙස පිලිගත් අතර, ගරුතර මහා සංඝරත්නය,නීතීඥ සංගමය,සිවිල් සංවිධාන, ව්‍යාපාරික ප්‍රජාව සහ ජාත්‍යන්තරය පවා පිලිගන්නා ලද යෝජනා වලියකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතා සත්භාවයෙන් රට වෙනුවෙන් සංකල්පයක් ඉදිරිපත්කර තිබියදී පාර්ලිමේන්තු පක්ෂ නායකයන් හට කරුණු නොදන්වා නැවතත් සම්ප්‍රදායික රජයක් පිහිටුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් හට අමාත්‍යදූර පිරිනැමීම හා අදාල අමාත්‍යදූර බාර ගැනීම මධ්‍යමකාරක සභාවේ හා පක්ෂයේ තීරනයට පටහැනි අතර, අදාල අමාත්‍ය තනතුරු ලබාගැනීමට පක්ෂ මධ්‍යම කාරක සභාවේ අනුමැතියක් දී නොමැත.

මෛත්‍රීපාල සිරිසේන
සභාපති – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,
හයවන විධායක ජනාධිපති

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...