පෙරටුගාමීන්ගේ කුටුම්භ ආර්ථික දැක්ම ….

අරපරෙස්සම් කරලා ගෙදරක මොකක් හරි වයරින් එකක් කරගන්න යන මුදලයි, ව්‍යාපාරික මට්ටමෙන් ලොකු විදුලි ව්‍යාපෘතියක් විදියට වැඩක් කරන්ට යන මුදලයි සමාන වෙන්නෙ නෑ..

ගේ හදාගන්ට හරි ගෙදර පාර කොන්ක්‍රීට් කරගන්ට යන හරි ගමේ බාස්ගේ ගානයි, කිලෝමීටර් ගානක් කාපට් කරගන්ට යන කොන්ත්‍රාත් සමාගමකට යන ගානයි සිස්ටම් දෙකක්..

මාහා පරිමාන ව්‍යාපෘතියක් ඇතුලේ ඕවර්හෙඩ් එකක් තියෙනවා ප්‍රොෆිට් මාජින් එකක් තියෙනවා..මොකද ඕවර් හෙඩ්, ප්‍රොෆිට් නැතුව දැවැන්ත සමාගමක් පවත්වාගෙන යන්න බෑ.. ඒ වගේම මහ පරිමාන වැඩක් ශ්‍රමදාන ලෙවල් එකෙන් කරන්නත් බෑ.

පක්ෂෙ ඇදගෙන යනවා වගේ කන්නෙ බොන්නෙ නැතිව ලෙවකාගෙන කොම්පැණිවල වැඩකරන්නෙ නෑ.. ඒ අය සේවක පඩි, අතිකාල, ඊ.ටී.එෆ්. ඊ.පී.එෆ්. ගෙවන්න ඕන, අනාගත වැඩ නැතිකාලවලදී සේවක වැටුප් ගෙවන්න මුදල් කොටසක් අයින් කරන්න ඕන..

මටත් ආන්ඩුව ගැන විවේචනයක් තියෙනවා.. ඒක වෙනම එකක්..

මේවගේ කුටුම්භ ආර්ථික දැක්මකින් ආන්ඩුව විවේචනය කරන්ට යන එක රටටම කරන වරදක්.. පිරිමහන කුටුම්භ ආර්ථිකයයි රටක හෝ ගෝලීය ආර්ථිකයයි සම්පූර්ණ දෙකක්..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගොවියාගේ පුතාට රට භාරදීලා අද ගොවියෝම අසරණ වෙලා – විපක්ෂ නායක

කොළඹ LNW:පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම ගොවි ජනතාව පත් කර ගත්...

උතුරේ සෞඛ්‍ය ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : පවතින ගැටලුවලට කඩිනම්...

නව තෙල් අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව දැඩි පීඩනයකට ලක් වෙයිද?

මැදපෙරදිග තෙල් සැපයුම් බිඳවැටීම් පිළිබඳ නැවත තැති ගැන්මක් ඇතිවූ...

අලි ඇතුන් ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදාවෙන් ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අලි ඇතුන්ගේ ආරක්ෂාව තවසුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන්...