*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

රනිල් බැසිල් සීතල යුද්ධය ඌරා ළිඳේ සටනක් වේද?

ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කළ 19 වෙනි සංශෝධනය නැවත වරක් ගෙනෙන බව රනිල් වික්‍රමසිංහ අගමැති වන විටම කියූ කතාවකි. එනම් 20 වෙනි සංශෝධනය අහෝසි කොට 19 වන ව්‍යවස්ථාවේ සාධනීය අංග ද සහිතව 21 වෙනි සංශෝධනය ගෙනෙනා බව ය. හරීන් ප්‍රනාන්දු ඇමති ධූරය බාර ගෙන පළමු මාධ්‍ය හමුවේදීම කියා සිටියේ 21 වෙනි සංශෝධන පළමු කැබිනට් හමුවට නොගෙනාවොත් එදිනම තම ඇමති ධූරයෙන් ඉල්ලා අස්වන බව ය.

කෙසේ නමුත් ඊයේ (23) රාත්‍රියේ පැවැති ඇමති මණ්ඩල රැස්වීමට 21 වන සංශෝධනය ඉදිරිපත් කර තිබුණි. එහෙත් එදින පෙරවරුවේ සිටම 21 වෙනි සංශෝධනය ගෙන ඒමට බාධා එල්ල වන බවට ප්‍රචාරය විය. මුලින්ම මේ ගැන හෙළි කර තිබුණේ අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ ය.තම සමාජ ජාල වෙබ් අඩවිය මඟින් ඔහු කියා තිබුණේ 21 වෙනි සංශෝධනය ගෙන ඒමට “කපුටෙකු” බාධා කරන බවකි.

පොදුජන පෙරමුණ 21 වෙනි සංශෝධනයේ කරුණු තුනකට විරුද්ධ බව මාධ්‍ය වාර්තා පළවී තිබුණි. එනම් අග්‍රාමාත්‍ය වරයා ඉවත් කිරීමට ජනාධිපති වරයාට තිබූ බලය ඉවත් කොට අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමේ බලය පාර්ලිමේන්තුවට පැවරීමේ සංශෝධනය පළමු කරුණ විය. දෙවෙනි කරුණ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ජනාධිපතිවරයාගේ අභිමතය මත පත් කිරීමට තිබූ බලය ඉවත් කොට එය අග්‍රාමාත්‍යවරයාගේ නිර්දේශ මත කිරීමට ජනාධිපතිවරයාට අවස්ථාව ලබාදීමේ සංශෝධනය ය. තුන්වන කරුණ ලෙස සංශෝධනයට එක් ව තිබූ ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රී ධූර දැරීම වැළැක්වීමේ යෝජනාවට පොදුජන පෙරමුණ විරෝධය පළකර තිබුණි.මෙහි ඉහත සඳහන් “කපුටා” ගේ කතාව සහ ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රීධූර දැරීම වැළැක්වීමේ යෝජනාවට විරුද්ධ වීම අතර අන්තර් සබැඳියාවක් ඇති බව බොහෝ දෙනකුගේ විශ්වාසයයි.

එම කාරණා තුන නොමැතිව 21 වෙනි සංශෝධනය ගෙනෙනා ලෙස පොදුජන පෙරමුණ දැනුම් දී ඇතැයි මාධ්‍ය වාර්තා පළ විය. එහෙත්, එම සංශෝධන ද සහිතව කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී. අගමැතිවරයා කියා සිටියේ එම කෙටුම්පත සියලු පක්ෂ නායකයන්ට ඉදිරිපත් කරන බව ය. ඔවුන්ගේ අදහස් හා යෝජනා සිකුරාදා වන විට ලබා ගැනීමට කටයුතු කරන බවද ඔහු කීවේය. ඒ සියළු යෝජනා සහිතව කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් කී අගමැතිවරයා ඒ කාලය තුළදි කැමැති කෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යෑමේ අවස්ථාව හිමිවන බව ද සඳහන් කළේය.

කෙසේ නමුත් පොදුජන පෙරමුණේ “රිමෝට් කන්ට්‍රෝලය” තවම පවතින්නේ බැසිල් රාජපක්ෂ අතේ ය. එය මනාව පැහැදිලි වූයේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධූරයට කාන්තාවක පත් කිරීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා එකඟව සිටිය දී ඊට එරෙහිව බැසිල් රාජපක්ෂ ක්‍රියාත්මක කළ මෙහෙයුම ඵල දැරීම ය.අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයා නියෝජ්‍ය කතානායක ලෙස පත්වීමත් සමඟ ඒ ස්ඳහා පැවැත්වූ ඡන්ද විමසීමෙන් පරාජය වූ රෝහිණී කුමාරි විජේරත්න කීයේ දැන් රට පාලනය කරන්නේ ජනපති අගමැති නොව “කලුපාට කුරුල්ලෙකු” බව ය

ඒ කෙසේ හෝ ජනපති අගමැති සමඟ ඇරඹූ සීතල යුද්ධයෙන් අවසානයේ ජයග්‍රහණය කළේ බැසිල් රාජපක්ෂ ය. මෙවර ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළ පනත් කෙටුම්පත වෙනස් කිරීමට බැසිල් රාජපක්ෂ උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැත.ඒ රනිල් වෙනත් සියුම් සැලසුමක් ක්‍රියාත්මක කර තිබූ නිසාවෙනි. එනම් පක්ෂ නායකයන්ට සංශෝධන සඳහා අවස්ථාව උදාකර දීම ය. එහිදි ද්විත්ව පුරවැසියන් රටේ තබා ගැනීමට කැමැති පක්ෂ නායකයන් කව්දැයි පාර්ලිමේන්තුවේදී දැන ගැනීමට ජනතාවට ඉඩ ලැබේ.කෙසේ නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නම් දැන්ම තමන්ගේ අදහස ප්‍රකාශ කර තිබේ. එනම් නීතිඥ සංගමය ඉදිරිපත් කළ අදහස් මෙම කෙටුම්පතේ නැති බව කියමිනි. එසේම මෙය බොරු රඟපෑමක් බවද ඔහු කියා සිටියි.

නමුත් ආණ්ඩුව පවසන්නේ ඉදිරිපත් කර ඇත්තේ තවම කෙටුම්පතක් බැවින් එයට සංශෝධන ඉදිරිපත් කිරීමට ජනතාවට අවස්ථාව උදාකරදී ඇති බව ය. නීතිඥ සංගමයේ යෝජනා ඇතුළත්ව නැතිනම් හෝ විපක්ෂ නායකගේ යෝජනා ඇතුළත්ව නැතිනම් එය ඉදිරිපත් කිරීමට සිකුරාදා වන තෙක් අවස්ථාව පවතින බව අගමැතිවරයා කියයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ ගැටළුව පවතින්නේ සාමාන්‍ය සමාජයෙන් ඉහළ තැනක ය. ව්‍යවස්ථා සංශෝධන මගින් බලය තුලනය කිරීම ගැන සිවිල් සමාජය කතා කළ ද සාමාන්‍ය ජනතාව තුළ ඇත්තේ ජීවත්වීමේ අරගලයය. සාමාන්‍ය ජනතාව ජීවත්වීම සම්බන්ධයෙන් දැඩි පීඩාවකට මුහුණ දී සිටිති. එවන් අවස්ථාවක ඔවුනට 21 ගෙනාවාද? නැති ද? යන්න අදාළ නොවන අතර තමන්ගේ බඩ වියත රැක ගන්නේ කෙසේද? යන කාරණාව ගැන පමණක් ඔවුහු අවධානය යොමු කරති.

21 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් සිවිල් සමාජ ක්‍රියාකාරීන් සාකච්ඡා කරද්දී ඉන්ධන මිල ද යළි ඉහළ ගියේය. දැන් සාමාන්‍ය ජනතාව කතා කරන්නේ 21 ගැන නොව ඉන්ධන මිල ඉහළ යාම ගැන ය. 21 වෙනි සංශෝධනය දැන් ඉන්ධන මිලෙන් වැසීයනවාට සැකයක් නැත.එතෙත්,මොළ හතක් ඇති බවට පොදු පෙරමුණු පාක්ෂිකයන් පවසන බැසිල් රාජපක්ෂ හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර ආරම්භ වී ඇති සීතල යුද්ධය ප්‍රතිමල්ලවයන් දෙදෙනාගෙන් එක් අයකුට මරණය හිමි කරන ඌරා ළිඳේ සටනක් වේද ?නැතහොත් අපට අතිශයින් හුරුපුරුදු තවත් දේශපාලන නාඩගමක් වේද යන්න නුදුරේ දීම අපට තීරණය කළ හැකි වනු ඇත.

විනිවිද

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan