මැයි 09 ප්‍රහාරයට යුක්තිය ඉල්ලා අධිකරණය ඉදිරිපිට විරෝධතා! (PHOTOS)

Date:

පසුගිය 09 වැනිදා ගාලු මුවදොර ඉදිරිපිට හා අරලිය ගහ මන්දිරය ඉදිරිපිට මහජන විරෝධතාවලට පහරදීමට එරෙහිව යුක්තිය ඉල්ලා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

එම පහරදීමේ සිද්ධීන්ට අදාළව අත්අඩංගුවට ගෙන සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත,මිලාන් ජයතිලක හා සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඇතුලු 06 දෙනෙක් අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වැනි දින දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.

මේ අතර නීතිපතිවරයා විසින් නියම කල පරිදි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ස්ථාන මාරුවක් නොදීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පොලිස්පතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරන ලදී.

සියලුම ජායාරූප නැරඹීම සඳහා පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...