බොරැල්ලේ වෙඩිතැබීමක් !

0
226

සටහන – රුවන් නෙළුගොල්ල

බොරැල්ල, සර්පන්ටයින් පාර ප්‍රදේශයේදී ඊයේ (ජුනි 08) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

එම ප්‍රදේශයේ වෙළඳසැලක සිටි පුද්ගලයකු ඉලක්ක කරගනිමින් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් රිවෝල්වර් වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩිවැදීමෙන් කිසිවෙකුට තුවාල සිදුවී නොමැති අතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.