භාතිය ඇතාගේ සිදුවීමෙන්වත් පාඩමක් ඉගෙන ගෙන වනජිවීන් වෙනුවෙන් නිවැරදි වැඩපිළිවෙළක් සකසන්න – සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

නිකවැරටිය ප්‍රදේශයේ දැනට සිටින තුවාල ලබා ඇති භාතිය ඇතා ජීවත් කරවන්නට වනජීවී ක්ෂේත්‍රය සහ ආරක්ෂක අංශ සහ වනජීවී ලෝලීන් විශාල පරිශ්‍රමයක් දරන බවත් ඔවුන්ට තමාගේ ස්තූතිය පුද කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙවැනි සිදුවීමක් වු පසු සැමගේම අවදානම යොමු වන බවත් මේ තුවාල වූ පළමු ඇතා නොවන නිසා වහාම එස්.ඕ.එස්. වැඩසටහනක් ආරම්භ කර ඉන්දියාවේ සහ කෙන්යාවේ මෙන් විධිමත් වැඩසටහනක් නිර්මාණය කර මොවුන්ව රැකගත යුතු බවත් අද වනජීවී ක්ෂේත්‍රයේ බරපතල මානව හා භෞතික සම්පත් හිඟතාවකින් පෙළෙන නිසා වහාම මේවා පිරවීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ඒ අනුව විධිමත් කාර්යක්ෂම වැඩපිළිවෙළක් ඇති කර ඉන්දියාවෙන් පවා ආධාර ගත හැකි බවත් කෝටිපති ව්‍යාපාරික අම්බානි මහතාගේ පුතා පවා වනජීවී සම්පත වෙනුවෙන් විශාල වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් අප්‍රිකාවේ පවා එවන් වැඩසටහන් ක්‍රියාත්මක නිසා ඒවාගෙන් පාඩමක් ඉගෙන ගෙන විධිමත් කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසත් පැවසූ විපක්ෂ නායකවරයා මේ සිදුවීමෙන් හෝ පාඩමක් ඉගෙන ගන්නා ලෙසත් ඉල්ලා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපගේ පරමාර්ථය සමස්ථ දරු පරපුරටම ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් හදන එක : අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි

රෂිකා හෙන්නායක අගෝස්තු 25, කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව...

විහස්ගෙන් විසල් දස්කමක්

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: මේ දිනවල පැවත්වෙන අවුරුදු 23...

යුක්රේන නිදහස් දිනයට ජනපති අනුරගෙන් සුභාශිංසන!

සටහන – පුලී අගෝස්තු 25, කොළඹ (LNW): යුක්රේන නිදහස් දිනය නිමිත්තෙන්...