මං විතරක් නෙවෙයි, බලාගෙන ගියාම ඔක්කොම කපුටාස්ලා ඉන්නෙ – චාමර සම්පත්

ආණ්ඩුවේ ඇතැම් බලධාරීන්ට ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ ගැටලුවක් පවතින්නේ නම් එය පිළිගෙන, එම භාෂාව දන්නා කෙනෙකු ජාත්‍යන්තර සමුළුවලට සහභාගී කරවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි.

“මේ පාර්ලිමේන්තුවේදී මම තමයි පළවෙනි වතාවට කිව්වෙ ඉංග්‍රීසි බෑ කියලා. වෙන කවුරුත් කිව්වෙ නෑ. බලාගෙන ගියාම මම විතරක් නෙවෙයි කපුටාස්ලා ඉන්නෙ, ඔක්කොම කපුටාස්ලා. මම හිතුවෙ මම විතරයි කපුටාස් කෙනෙක් ඉන්නෙ කියලා, බලාගෙන යනකොට ගොඩක් අය කපුටාස්ලා ඉන්නවා. අර මේ ඊයෙ පෙරේදා ලෝක ආර්ථික සමුළුවකට ගිහිල්ලා …. අපි පිළිගන්න ඕනෙ අපට බැරි දේ. මොකද අපි මාතරින්ද, බදුල්ලෙන්ද, මහියංගණෙන්ද ආවාම අපි හැමෝම රෝයල් ගිහිල්ලා නෑනෙ. අපට බැරි දේ අපි පිළිගන්න ඕනෙ. ලෝක ආර්ථික සමුළුව වගේ සමුළුවකට ගියානම් අපි පච වෙනවාට වැඩිය හොඳයි බැරි දේවල් කියලා, පුළුවන් කවුරුහරි එක්කන් ගිහින් ඒ වැඩේ කළා නම් ඒක රටටත් නම්බුවක්, ජාත්‍යන්තරයට ගිහිල්ලා හැසිරෙනකොට ඒක අපි කාටත් නම්බුවක්”

චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (08) පාර්ලිමේන්තුව අමතමිනි.