සුහයිල්ට සහය පළකරමින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට විරෝධයක්! (PHOTO STORY)

Date:

කොළඹ LNW:2024 ඔක්තෝබර් 23 වැනි දින දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද මොහමඩ් සුහයිල් රිෆායි චෝදනා නොමැතිව මාස 09ක් රඳවා තබා ගැනීමට විරෝධය පළකරමින් ඔහුව නිදහස් කරගැනීම වෙනුවෙන් අද (15) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට විරෝධයක් සංවිධාය කර තිබුණි.

පසුගිය 09 වැනිදින මෙම නඩුව කැඳවූ අවස්ථාවේ පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ ඔහුට එරෙහිව චෝදනා නොමැති බවයි.

අද දිනයේ දී එම නඩුව කැඳවූ අතර සුහයිල්ට සහය පළකරමින් අධිකරණ භූමියට පැමිණෙන ලෙසයි සංවිධායකයින් දැනුම් දී තිබුණේ.

21 හැවිරිදි ගුවන් සේවා ශිෂ්‍ය මොහමඩ් සුහයිල් රිෆායි දෙහිවල ඊශ්‍රායල කොන්සියුලර් පරිශ්‍රය අසලදී අත්අඩංගුවට ගන්නා ලද අතර ඔහුගේ ජාතික හැඳුනුම්පත රැගෙන නොයෑම හේතුවෙන් මුලින් රඳවාගෙන සිටියද, එය ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණය විසින් ඔහුව නිදහස් කරන ලදී.

ඊශ්‍රායල ධජය පාගා දමනු ලබන බව පෙන්වන ඉන්ස්ටග්‍රෑම් සටහන මත පදනම්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පසුව ඔහුව නැවත අත්අඩංගුවට ගැනුණි.

මෙහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දරුණු ලෙස අවභාවිත කිරීමක් සිදුව තිබෙන අතර සුහයිල් වහා නිදහස් කළ යුතු බව විරෝධතාවට එක්වූවන් අවධාරණය කළහ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම සසර තේරුම් ගත්තවුන් නිසි කඨින ...

“තෙවැනි ඇසට සුවය” අක්ෂි සායනය : ජනමාධ්‍යවේදීන් සඳහාමයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01 , කොළඹ LNW: ජනමාධ්‍යවේදීන් සඳහාම වෙන්...

කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ අගමැති...

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...