සඳුදා තෙක් ලිට්‍රෝ ගෑස් නැහැ

Date:

එළබෙන සඳුදා (30) දින දක්වා ලිට්‍රෝ ගෘහස්ත ගෑස් නිකුත් නොකරන බව එම සමාගම පවසයි.

මේ හේතුව නිසා සඳුදා තෙක් ගෑස් මිලදී ගැනීම සඳහා පෝලිම් වල රැඳී නොසිටින ලෙසයි එම සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මෙලෙස බෙදා හැරීම සිදු නොවන්නේ මෙරටට පැමිණීමට නියමිත ගෑස් නෞකා දෙකක් මෙරටට ළඟා වීම ප්‍රමාද වීම බව සඳහන්.

ලබන සඳුදා දිනයේ ගෑස් මෙට්‍රික්ටොන් 3500ක් රැගත් ඉන් එක් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත අතර ඒ අනුව ගෑස් බෙදා හැරීමේ කටයුතු සම්බන්ධයෙන් මැයි 31 වැනි දින ජනතාව දැනුවත් කිරීමයි සමාගම සැලසුම් කර ඇත්තේ.

මැයි 23 වන දා ගෑස් මෙට්‍රික් ටොන් 3,500ක් අඩංගු නෞකා දෙකකට අමෙරිකානු ඩොලර් මිලියන 6.5ක් ගෙවීමට ලිට්‍රෝ ගෑස් සමාගම කටයුතු කර තිබුණු අතර එම ගෑස් තොග මැයි 26 මෙරටට ලැබීමට නියමිතව තිබිණි.

එහෙත් ගෑස් තොග අවසන් වීම හේතුවෙන් ලිට්‍රෝ සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා හැරීම පසුගිය 24 වැනි දින සිට තාවකාලිකව අත්හිටුවා ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...