බුලත් වලට ගිය කලක්!

Date:

රෂිකා හෙන්නායක ජූලි 13, කොළඹ LNW :

දේශීය වෙළදපොලේ බුලත් මිල අධික ලෙස ඉහළ යෑම හමුවේ තම වෙළදාම් කටයුතු අඩාල වි ඇති බව හැටන් ප්‍රදේශයේ බුලත් පුවක් වෙළදසැල්වල හිමිකරුවන් පවසති.

පීදුණු බුලත් කොළයක් රු.10/=කටත්, රැහැන් බුලත් කොළයක් රු.8/=කටත්, කුඩා බුලත් කොළයක් රු.7/=ක් වැනි මුදලකටත්, තොග මිල ලැබෙන බව ඔවුන් කියා සිටී.

එම වෙළෙදුන් කියා සිටියේ, මේ හේතුවෙන් පවත්නා ත්තවය මත බුලත් කොළ 40කින් යුත් බුලත් අතක් රු.350/= සිට රු.450/= දක්වා මිලකට අලෙවි කිරිමට සිදු වන බවයි.

බුලත් මිල ඉහළයෑමට සමගාමීව පුවත් මිලද ඉහළ යෑම හමුවේ බුලත් විටක් රු.70/=ක් වැනි මිලකට අලෙවි කිරිමට සිදු වී ඇති බව වෙළෙදුන් කියා සිටී.

බුලත්වලට රෝගයක් වැළදීම හේතුවෙන් බුලත් ඵලදාව අඩු වී ඇති නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හමුවේ බුලත් මිල මෙසේ ඉහළ ගිය බවත්, පුවක් ඵලදාව මේ දිනවල සිදු නොවන නිසා පුවක් මිලද ඉහළ ගොස් ඇති බවයි හැටන් ප්‍රදේශයේ බුලත් පුවක් අලෙවි කරන වෙළෙදුන් කියා සිටියේ.

බුලත් පුවක්වල මිල ඉහළ යෑම හමුවේ තම දෛනික වෙළදාම් සීඝ්‍රයෙන් පහළ වැටී ඇති බවත්, තම දෛනික කටයුතු වලට බුලත් තොග මිලදී ගැනීමට විශාල මුදලක් වැය කිරිමට සිදු වූවත් ඉන් ලැබෙන ලාභ ප්‍රතිශතය ඉතා අඩු බවයි එම වෙළෙදුන් වැඩි දුරටත් පවසන්නේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...