දුර්වලම ඉණිමේ වාර්තාව කොදෙව්වන්ට එක ලකුණෙන් මඟ හැරෙයි

Date:

නිශ්මං රණසිංහ ජූලි 14, කොළඹ LNW:

70 දශකයේ දී බටහිර ඉන්දීය කොදෙව්වන් යනු ක්‍රිකට් ලෝකය විශ්වාස කළේ පරාජය කළ නොහැකි කණ්ඩායමක් හැටියටය.ඔවුන් පරාජය කළ හැකිව තිබුණේ අහම්බයකින් ඔවුන් අතින්ම වන නොසැළකිල්ලකින් පමණක් බව විශ්වාස කෙරිණි.80 දශකයේද තත්ත්වය එබඳුම විය.එය මදක් සසැලෙන්නට ගත්තේ කපිල් දේව් ඉන්දියාවට ලෝක කුසලානය දිනා දෙන්නට 83 දී කළ විස්කම් නායකත්වය නිසාය.එය නොසළකිල්ල නොව කැපවීම සහ සැළසුම් සහගත භාවය විසින් ඉන්දියාව අප්‍රතිහත ධෛර්යෙන් උදා කර ගත් අවස්ථාවකි.


එහෙත් ඇත්තම කතාව කොදෙව්වන් යනු එක රටකට අයත් ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් නොවේය.ඒ රටවල්වලින් පැමිණෙන හොඳම දක්ෂයන් එක මිටට ගත හැකි නායකයෙක් මෙන්ම පරිපාලනයේදි එය කළමණාකරණය කිරීමට හැකි බුද්ධියක් ඇති පිරිසක් ද එයට සිටිය යුතු වන්නේ එබැවින්ය.මේ දේශපාලනික අනන්‍යතාවය සහිත කොදෙව් කණ්ඩායමක් සැකසිය හැකි වටපිටාවක් සැකසෙන තෙක් මේ වන විට කොදෙව් ක්‍රිකට් තිබෙන්නේ අර්බූදයකය.දක්ෂයෝ සිටිති.එහෙත් ඒවා එකට එකතු වී ජයග්‍රහණය කරා යාමට වැඩ සැළසුමක් ක්‍රියාත්මක වන්නේ නැති බව පැහැදිළිය.


මෙහි ඛේදණියම කඩා වැටීම දකින්නට ලැබුණේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති ටෙස්ට් තරගයේදී ය.එහිදී ලෝක ටෙස්ට් ඉතිහාසයේ කණ්ඩායමක් අඩුම ලකුණු වාර්තා කළ ටෙස්ට් ඉණිමේ වාර්තාව කොදෙව්වන්ට අහිමි වන්නේ ලකුණකින්ය.1955 දි ටෙස්ට් ඉතිහාසයේ වාර්තා වන 402 වන ටෙස්ට් තරගයේදී නවසීලන්ත කණ්ඩායම නවසීලන්තයේදීම එංගලන්තයට එරෙහිව ලකුණු 26 ට දැවී යාම ටෙස්ට් ඉතිහාසයේ කණ්ඩායමක දුර්වලම ටෙස්ට් ඉණිම හැටියට ගැනෙනවා.ඊට වසර 70 ට පසු ටෙස්ට් ඉතිහාසයේ පැවත්වෙන 2595 වන ටෙස්ට් තරගයේදී කොදෙව් කණ්ඩායම කොදෙව් දූපත්වලට අයත් කින්ග්ස්ටන් හී දි ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 26 ට දැවී යනවා.
මේ අවාසනාවන්ත ඉරණමට කොදෙව්වන් මුහුණ දුන් තරගයම අඩු ලකුණු පිරුණු තරගයක්.ඔස්ට්‍රේලියාවේ විශිෂ්ඨ පිතිකරුවන් කොදෙව් කණ්ඩායමට එරෙහිව ඉණිම දෙකේදීම රැස් කර ලකුණු ප්‍රමාණයන් වූයේ 225 සහ 121 ක් පමණි.එහෙත් කොදෙව් පන්දු යවන්නන්ට ඇති හැකියාව කොදෙව් පිතිකරුවන්ට නොමැති වීම නිසා පළමු ඉණිමේ දී ලකුණු 143 ක ට සහ දෙවන ඉණිමේ ලකුණු 27 ට ඔවුන් දැවී යනවා.මෙහිදී විශ්මිත පන්දු යැවීමක නිරත පන්දු යවන්නා වන්නේ මිචෙල් ස්ට්‍රැක්.ඔහු කොදෙව් දෙවන ඉණිම සුණු විසුණු කරමින් ලකුණු 9 ට කඩුලු 5 ක් දවා ගන්නට සමත් වෙනවා.එසේම තරගාවලිය පුරාම කඩුලු 15 ක් ලබමින් ස්ට්‍රැක් කරන ලද කාර්යභාරය වෙනුවෙන් තරගාවලිය 3-0 ක ට ජයගත් ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් තරගාවලියේ වීරයා සම්මානයද ඔහු විසින්ම දිනා ගන්නවා.


ස්ට්‍රැක්ගේ විශ්මිත පන්දු යැවීම මෙන්ම කොදෙව් කණ්ඩායමේ අදහාගත නොහැකි දුර්වල ඉණිම ගැන මෙන්ම තරගය ගැන ද තොරතුරු දැන ගැනීමට පහතින් ලකුණු පූවරුවට පිවිසිය හැකියි.
https://bit.ly/4kBV28M

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයිස් හදන්න ගන්න රසායනික තොගයක් කදානේ නිවසකිනුත් හමුවෙයි!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන බවට සැක...

ශ්‍රී ලංකා පිතිකරුවෝ අළු මතින් නැඟිටිති

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 08, කොළඹ LNW: සිම්බාබ්වේ වෙතින් දිනකට පෙර...

ගාසා සටන් විරාම ගිවිසුම පිළිගන්නා ලෙස ට්‍රම්ප් අවසාන වශයෙන් හමාස් සංවිධානයට අනතුරු අඟවන බව පවසයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයෙන්...

ධම්මික පෙරේරා ලාෆ්ස් සමූහයත් එකතු කරගනිමින් ගෑස්, සුපිරි වෙළඳසැල්, ලිහිසි තෙල් සහ ටයර් වෙළඳපොලටත් පිවිසෙයි !

ශ්‍රී ලංකාවේ දැවැන්තම ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා මහතා සිය...