*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සහ විදේශ කටයුතු ඇමති අතර හමුවක්!

ශ්‍රී ලංකාවේ සිටින එක්සත් රාජධානියේ මහ කොමසාරිස් සාරා හල්ටන් මැතිනිය 2022 මැයි 26 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවිය. එහිදී එතුමිය පීරිස් මැතිතුමා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස නැවත පත්වීම සම්බන්ධයෙන් සිය සුබ පැතුම් පළ කළා ය.

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා සහ මහ කොමසාරිස් හල්ටන් මැතිනිය මෙහිදී  ද්විපාර්ශ්වික කටයුතු, මෙරට ප්‍රගතිය සහ ශ්‍රී ලංකාව මුහුණ දෙන වත්මන් ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව ලබා දෙන සහය පිළිබඳව සාකච්ඡා කළහ. ආර්ථික අභියෝග කිහිපයකට මුහුණ දීම සඳහා ඒකාබද්ධ උපාය මාර්ග සකසන අතරතුර අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම තහවුරු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යවරයා පැහැදිලි කළේ ය. දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය උදා කර ගැනීම සම්බන්ධයෙන් බහුපාර්ශ්වික සංවිධාන සමඟ සම්බන්ධ වී කටයුතු කරන අතරතුර මෙම කාල සීමාව තුළ ලැබුණු ද්විපාර්ශ්වික සහය ශ්‍රී ලංකාවේ ඇගයුමට ලක්විය.

ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා පිළිබඳව අවබෝධයෙන් පසුවන බව ප්‍රකාශ කළ මහ කොමසාරිස්වරිය, ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ක්‍රමවේද ඇතුළුව ශ්‍රී ලංකාවට සහය දැක්විය හැකි මාර්ග ගවේෂණය කරමින් සිටින බවද ප්‍රකාශ කළා ය. විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී සමාජයේ වඩාත් අවදානමට ලක්විය හැකි කොට්ඨාශ ඉලක්ක කර ගැනීම සඳහා ක්‍රියාත්මක කළ යුතු සුබසාධන ක්‍රියාමාර්ග පිළිබඳව අවධාරණය කළේ ය.

නීතිය හා සාමය ආරක්ෂා කිරීම සහ පුරවැසියන්ට බාධා එල්ල විය හැකි ප්‍රචණ්ඩකාරී සිදුවීම් වැළැක්වීම අරමුණු කර ගනිමින් රජය දරන ප්‍රයත්න පිළිබඳව ද විදේශ කටයුතු අමාත්‍යවරයා මහ කොමසාරිස්වරිය දැනුම්වත් කළේ ය. දේශපාලන පක්ෂ මේ වන විට 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යවරයා පැහැදිලි කළේ ය. වත්මන් ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද පශ්චාද් ගැටුම් හා සබැඳි ප්‍රතිසන්ධානය ආශ්‍රිත ගැටලු විසඳීම සම්බන්ධයෙන් ප්‍රගතියක් ලබා ගැනීමට රජය අදිටන් කරගෙන සිටින බවද එතුමා සඳහන් කළේ ය.

එක්සත් රාජධානියේ රජය ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් පවත්නා විකල්ප නිරීක්ෂණය කරමින් සිටින බව මහ කොමසාරිස් හල්ටන් මැතිනිය සඳහන් කළා ය. දේශගුණික විපර්යාසවල බලපෑම්වලට විසඳුම් සෙවිය හැකි ආකාරයේ තිරසාර බලශක්ති ව්‍යාපෘති සහ හරිත බැඳුම්කර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට තුළ සැලකිය යුතු ශක්‍යතාවක් පවතී. විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා සහ මහ කොමසාරිස් හල්ටන් මැතිනිය පොදුරාජ්‍ය මණ්ඩලය, රැජිනගේ ප්ලැටිනම් ජුබිලි සැමරුම සහ රුවන්ඩාවේ කිගාලි හි පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව (CHOGM) සම්බන්ධයෙන් ද සාකච්ඡා කළහ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ එක්සත් රාජධානියේ මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහු පිරිසක් මෙම හමුව සඳහා සහභාගී වූහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 මැයි 27 වැනි දින

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan