දින 50ක් සපුරන අරගලයේ පණිවුඩයට රජය නොපමාවම කන්දිය යුතුය: NMSJ

කොළඹ ගෝල්ෆේස් පිටිය පදනම් කරගනිමින් මේ රටේ තරුණ ප්‍රජාව ප්‍රමුඛ සිවිල් ජනතාව ආරම්භ කරන ලද ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වන අරගලය මැයි මස 28 වන දා දින 50ක් සම්පූර්ණ කරයි.

එය සැලකිය හැක්කේ මේ රටේ ජනතාව තම අයිතීන් උදෙසා සිදු කරමින් සිටින සුවිශේෂී අරගලයක් ලෙසටය. මෑත යුගයේ මේ රටේ කිසිදු දේශපාලන හෝ සිවිල් ව්‍යාපාරයකට දිනා ගත නොහැකි වූ කරුණු රැසක් අද වන විට ඔවුන් විසින් මේ සමාජයට දිනා දී තිබේ. එමෙන්ම මේ රට තුළ සිදු විය යුතු දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් උදෙසා අදට ද  ඔවුන් සාර්ථක ලෙස පෙනී සිටිමින් සිටී. ඔවුන් ගත් එම පියවර කෙරෙහි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු පාර්ශ්වයන් තම ගෞරවය හා ආචාරය ඔවුන් වෙත පුද දිය යුතුය. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයද ඔවුන් හා අත්වැල් බැඳගනිමින් අපගේ ගෞරවය මේ අවස්ථාවේදී සනිටුහන් කරනු කැමැත්තෙමු.

නිවහල්, නිදහස් හා සාමකාමි රටක් උදෙසා මේ රටේ යුක්ති ගරුක ජනතාව තුළ ඇති අපේක්ෂාවන් මෙකී අරගලයට සම්බන්ධ තරුණ ප්‍රජාව ප්‍රමුඛ සිවිල් ජනතාව විසින් තව තවත් උද්දීපනය කරමින් සිටීම අතිශයින්ම අගය කළ යුතුය. එමෙන්ම ඔවුන්ගේ නිර්ව්‍යාජ හඬට රජය නොපමාවම කන්දිය යුතුය. ඔවුන් අපේක්ෂා කරන දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් තහවුරු නොකර ගනිමින් මේ රටට යහපත් අනාගතයක් උදාකර ගත නොහැකි බව මුළුමහත් සමාජයම මැනවින් අවබෝධ කරගත යුතුව තිබේ. දින 50ක් පුරා අඛණ්ඩව සාමකාමී අරගලයක යෙදෙන එකී සෑම පාර්ශ්වයකටම අපගේ උණුසුම් සුබ පැතුම් පිරිනමන අතර ඒ මගින් ඔවුන් අපේක්ෂා කරන සියලු ජයග්‍රහණ දිනා ගැනීම උදෙසා නොපමාවම හැකියාව ලැබේවායැයි අපි ඉතසිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.
 
දේශබන්ධු කරු ජයසූරිය
සභාපති
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

AI නිර්මාණයක් හේතුවෙන් McDonald’s සමාගමට වුණ ඇබැද්දිය!

සටහන – පුලීනොවැම්බර් 16, LNW (කොළඹ): කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන්...

ඡන්ද නාමලේඛනයෙන් ඉවත් කළ මුස්ලිම්වරුන් ඉන්දියාවෙන් පිටුවහල් කිරීමේ අවදානමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16: ඉන්දියාවේ ඡන්ද හිමි...

අයවැය විරෝධතා මැද වෘත්තීය සමිති නායකයෙකු අත්අඩංගුවට ගැනීම මර්දනයකට සැරසීමක්දැයි නාමල් ප්‍රශ්න කරයි

කොළඹ LNW:2027 අයවැයට එරෙහිව නැගෙන විරෝධය මැඩපැවැත්වීමේ උත්සාහයක් ලෙස...