ට්‍රම්ප්ගේ නිල් වුණ අත්වල නිධන් කතාව කුමක් ද?

Date:

සටහන – පුලී

ජූලි 18, කොළඹ (LNW): ඩොනල්ඩ් ට්‍රම්ප් නිදන්ගත සනාල රෝගයකින් පෙළෙන බව ධවල මන්දිරය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ අතේ නිල් පැහැ තැලීම් පෙන්වන ඡායාරූප පිළිබඳ දින ගණනාවක් පුරා පැවති කතාබතා මධ්‍යයේ මෙය අනාවරණය කෙරිණි.

මෑතකදී ඔහුගේ කකුල් ඉදිමීමේ තත්ත්වයෙන් පසු, ට්‍රම්ප් පුළුල් සනාල පරීක්ෂණයකට භාජනය වූ බව ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පැවසීය.
ට්‍රම්ප් නිතර නිතර අතට අත දීමෙන් පටක හානි සිදු වන බව වැඩිදුරටත් ලෙවිට් පැවසීය.

79 හැවිරිදි ට්‍රම්ප්, ඔහුගේ යහපත් සෞඛ්‍යය ගැන දිනපතා කතාබහ කරන අතර, වරක් තමා මෙතෙක් ජීවත් වූ සෞඛ්‍ය සම්පන්නම ජනාධිපතිවරයා ලෙස ද වර්ණනා කර ගත්තේය.

ට්‍රම්ප්ට නිදන්ගත ශිරා ඌනතාවයක් ඇති බව සොයාගෙන ඇති අතර, එය සිදුවන්නේ පාදවල පවතින ශිරා වාහිණී හදවතට රුධිරය පොම්ප කිරීමට අපොහොසත් වන විට බව ප්‍රකාශ කෙරිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...

ශ්‍රී ලංකාවෙන් මතු වූයේ පරාජයට හේතු නොව එංගලන්තයේ ජයග්‍රහණයට හේතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ එංගලන්තය...

‘මහින්ද දෘෂ්ටිවාදය’, ‘ජවිපෙ ආණ්ඩුවේ’ සුහුඹුල් හරිය සහ ‘රාජ්‍යය’

මා ‘මහින්ද දෘෂ්ටිවාදය‘ යන්නෙන් අදහස් කරන්නේ ජාතිවාදය, ගෝත්‍රිකත්වය සහ...

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...