ට්‍රම්ප්ගේ නිල් වුණ අත්වල නිධන් කතාව කුමක් ද?

Date:

සටහන – පුලී

ජූලි 18, කොළඹ (LNW): ඩොනල්ඩ් ට්‍රම්ප් නිදන්ගත සනාල රෝගයකින් පෙළෙන බව ධවල මන්දිරය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ අතේ නිල් පැහැ තැලීම් පෙන්වන ඡායාරූප පිළිබඳ දින ගණනාවක් පුරා පැවති කතාබතා මධ්‍යයේ මෙය අනාවරණය කෙරිණි.

මෑතකදී ඔහුගේ කකුල් ඉදිමීමේ තත්ත්වයෙන් පසු, ට්‍රම්ප් පුළුල් සනාල පරීක්ෂණයකට භාජනය වූ බව ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පැවසීය.
ට්‍රම්ප් නිතර නිතර අතට අත දීමෙන් පටක හානි සිදු වන බව වැඩිදුරටත් ලෙවිට් පැවසීය.

79 හැවිරිදි ට්‍රම්ප්, ඔහුගේ යහපත් සෞඛ්‍යය ගැන දිනපතා කතාබහ කරන අතර, වරක් තමා මෙතෙක් ජීවත් වූ සෞඛ්‍ය සම්පන්නම ජනාධිපතිවරයා ලෙස ද වර්ණනා කර ගත්තේය.

ට්‍රම්ප්ට නිදන්ගත ශිරා ඌනතාවයක් ඇති බව සොයාගෙන ඇති අතර, එය සිදුවන්නේ පාදවල පවතින ශිරා වාහිණී හදවතට රුධිරය පොම්ප කිරීමට අපොහොසත් වන විට බව ප්‍රකාශ කෙරිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...

ADB වෙතින් මහවැලියට ඩො.මි. 200ක ණය පහසුකමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 ,කොළඹ LNW : මහවැලි ගඟේ අතිරික්ත...