චීනය විදේශ ආයෝජන ඉලක්කය සම්පූර්ණ කරයි!

Date:

කොළඹ LNW:14 වන පස් අවුරුදු සැලැස්මේ සිට චීනයට ආකර්ෂණය වූ සමස්ත විදේශ ආයෝජන වටිනාකම ඇ.ඩො.බිලියන 700 ඉක්මවා ගොස් තිබෙනවා.

එය එරට 14 වන පස් අවුරුදු සැලැස්මේ ඉලක්කය නියමිත කාලයට පෙර සම්පූර්ණ කිරීමකි.

“14 වන පස් අවුරුදු සැලැස්මේ ඉලක්ක සාර්ථකව සම්පූර්ණ කිරීම” යන තේමාවෙන් චීන රාජ්‍ය මණ්ඩලයේ පුවත් කාර්යාලයේ අද (18) පැවති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළා.

14 වන පස් අවුරුදු සැලැස්මේ සිට, චීනයේ විදේශ වෙළඳාම විවිධ පීඩනයන්ට ඔරොත්තු දෙමින් ශක්තිමත් හැකියාවක් පෙන්නුම් කර තිබෙනවා. භාණ්ඩ වෙළඳාමෙන් ලෝකයේ පළමු ස්ථානයට පත්ව ඇති අතර, සේවා වෙළඳාමේ පරිමාණය අනුව ලෝකයේ දෙවන ස්ථානයේ පසුවනවා.

මේ අතර 14 වන පස් අවුරුදු සැලැස්මේ සිට, පාරිභෝගික වෙළඳපොළ පරිමාණය අනවු චීනයට හිමි වන්නේ ලෝකයේ දෙවන ස්ථානයයි. මෙම වසරේ එය යුවාන් ට්‍රිලියන 50ක් ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රණතුංග සහෝදරයින්ගේ මිලියන 800ක වංචාවක් ගැන විමර්ශනය යටගිහින් – මහවත්ත තොරතුරු ඉල්ලයි

හිටපු ක්‍රිකට් නායකයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු ද වූ අර්ජුන...

2024ට විතරක් හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් රජය දරා ඇති වැය බර මෙන්න!

කොළඹ LNW:හිටපු ජනාධිපතිවරුන් සහ විශ්‍රාමික ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස...

ඉන්දියාව හා චීනය වෙනුවෙන් 100%ක බදු පනවන ලෙස ජනධිපති ට්‍රම්ප් යුරෝපා සංගමයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද...

ICC බේරුම්කරණ දකුණු ආසියානු මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරයි!

කොළඹ LNW:ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ බේරුම්කරණ(ICC Sri Lanka Arbitration and...