වාහනවලට ලීසිං දෙන ප්‍රතිශත වෙනස් කෙරේ – විදුලි වාහන අධෛර්යය කර පෙට්‍රල්, ඩීසල් වාහන හා ත්‍රීවීලර් දිරිමත් කරයි !

Date:

මෝටර් රථ වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේදී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ ලීසිං ආයතන විසින් අනුගමනය කළ යුතු ක්‍රමවේද යාවත්කාලීන කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව මාර්ගෝපදේශ සංග්‍රහයක් ඊයේ (ජුලි 17) දින නිකුත් කර තිබේ.

ඒ අනුව මීට පෙර 2018 පෙබරවාරි 08 දින නිකුත් කර තිබූ මාර්ගෝපදේශයන් යාවත්කාලීන කරමින් 2025 ජූලි 17 දින නව මාර්ගෝපදේශයන් මෙසේ ප්‍රකාශයට පත් කර ඇත.

එහිදී 2018 වසරේ මාර්ගෝපදේශයන් හි දැක්වුණු ආකාරයේ ඉලෙක්ට්‍රික්, හයිබ්‍රිඩ් හා වෙනත් යනාදී වශයෙන්, බලශක්ති ප්‍රභවය අනුව කර තිබූ වර්ගීකරණයන් මෙම නව 2025 මාර්ගෝපදේශයෙන් ඉවත් කර තිබීම විශේෂත්වයකි.

ඒ අනුව 2018 මාර්ගෝපදේශයන් අනුව ඉලෙක්ට්‍රික් කාණ්ඩය යටතේ වාහනයේ වටිනාකමින් 90% ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව, වානිජ වාහන වෙනුවෙන් 80%ක්, මොටර් කාර්, SUV සහ වෑන් රථ සඳහා 60%ක් දක්වා ද, ත්‍රීවීල් සඳහා 50% ක් දක්වා සහ වෙනත් වාහන සඳහා 70% ක් දක්වා අඩු කර ඇත.

එමෙන්ම ඉලෙක්ට්‍රික් නොවන වානිජ වාහන සඳහා ද මෙතෙක් ප්‍රවේශය හිමිව තිබූ 90% ක මූල්‍ය වහසුකම් ලබා ගැනීමේ අවස්ථාව 80% ක් දක්වා අඩුකර තිබෙන අතර, මෙතෙක් ඉලෙක්ට්‍රික් නොවන මොටර් කාර්, SUV සහ වෑන් රථ සඳහා තිබුණු 50% ණය සීමාව 60% ක් දක්වා ඉහළ දමා තිබේ.

මීට අමතරව එමෙන්ම ඉලෙක්ට්‍රික් නොවන ත්‍රීවීල් රථ සඳහා, වටිනාකමින් 25% ක් දක්වා පමණක් මෙතෙක් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට තිබුණු අවකාශය නව මාර්ගෝපදේශයෙන් 50% ක් දක්වා ඉහළ නංවා ඇත.

2018 වසරේ මාර්ගෝපදේශයට අනුව හයිබ්‍රිඩ් මොටර් කාර්, SUV සහ වෑන් රථ සඳහා 70%ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට දී තිබූ අවස්ථාව, එම කාණ්ඩය ඉවත් කිරීමත් සමඟින් පොදුවේ 60% ක් දක්වා පහළට පැමිණ ඇත.

ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි නොකළ වාහන සහ පළමු ලියාපදිංචියෙන් පසු වසරකට වඩා අඩු කාලයක් භාවිතයට ගෙන ඇති සියලු වාහන වෙනුවෙන් මෙම නියමයන් බලපැවැත්වෙනු ඇත.

කෙසේවෙතත් අද (2025 ජූලි 18) දිනට පෙර ණයවර ලිපි විවෘත කර ඇති මෙරට ලියාපදිංචි නොකළ වාහන වෙනුවෙන් පහත දැක්වෙන ආකාරයෙන් සංක්‍රාන්ති විධිවිධානයන් බලපැවැත්වෙනු ඇති බවත් මහබැංකුව නිවේදනය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා තීරයේ රාෆා හරස් මාර්ගය සීමිත ගමන් සඳහා නැවත විවෘත කරන බව ඊශ්‍රායලය පවසයි.

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රෆා දේශසීමා පිවිසුම සීමිත...

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

රංගන ශිල්පීන්ගේ විරෝධය මධ්‍යයේ Trump විසින් ප්‍රතිසංස්කරණ සඳහා කෙනඩි මධ්‍යස්ථානය වසා දැමීමට යයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

වසරේ යොවුන් ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය වෙනුවෙන් තරඟකරුවන් 11ක්!

සටහන - පුලී පෙබරවාරි 02, LNW (කොළඹ): යෞවනයන්ට අපේ ලෝකය...