රාජිතගේ අපේක්ෂිත ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Date:

අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම අපේක්ෂිත ඇප ඉල්ලීම පිළිබඳ නඩුකරය අද (ජුලි 18) පස්වරුවේ මහේස්ත්‍රාත් නිල මැදිරියේදී කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර රාජිත සේනාරත්න මහතාගේ නීතීඥවරුන් සහ අල්ලස් කොමිසමේ නීතීඥවරුන් යන දෙපාර්ශ්වයම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මේ බව සඳහන් කළාය.

2012 වසරේදී ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී නීතිමය ක්‍රියා පටිපාටියට පටහැනි ලෙස කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 262 කට අධික පාඩුවක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතාට චෝදනා එල්ල වී ඇති අතර අල්ලස් කොමිසම විසින් මේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයක සැකකරුවකු වශයෙන් ද රාජිත සේනාරත්න මහතාව නම්කර ඇත.

මේ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා පැමිණෙන ලෙස අවස්ථා කිහිපයකදීම දැනුම් දුන්න ද විවිධ හේතු දක්වමින් එය මගහැර සිටි රාජිත සේනාරත්න මහතා සිය දුරකථනය ද විසන්ධි කර නිවස ද අත්හැර ගොස් ඇති බව අල්ලස් කොමිසම පසුගියදා අධිකරණයට දැනුම් දී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය වෙනුවෙන් 100%ක බදු පනවන ලෙස ජනධිපති ට්‍රම්ප් යුරෝපා සංගමයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද...

ICC බේරුම්කරණ දකුණු ආසියානු මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරයි!

කොළඹ LNW:ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ බේරුම්කරණ(ICC Sri Lanka Arbitration and...

දිවයින පුරා පිහිටි පාසල් විද්‍යාගාර වෙනුවෙන් මිලියන 500ක් වෙන් කරයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10 ,කොළඹ LNW : දිවයින පුරා පිහිටි...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මතයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10 කොළම LNW : ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත්...