Vision වැඩසටහනට සහභාගී වූ පාසල් සිසුන්!

Date:

රෂිකා හෙන්නායක ජූලි 18 කොළඹ LNW :

අද (18) දින ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන Vision වැඩසටහනට සහභාගී වීමට මහනුවර විද්‍යාලෝක විද්‍යාලය, අම්පාර වෙරන්කැ‍ටගොඩ විද්‍යාලෝක විද්‍යාලය සහ දිගම්පතහ කනිෂ්ඨ විද්‍යාලය යන පාසල්වල සිසුසිසුවියන් හට අවස්ථාව උදා විය.

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු ජනසන්නිවේදන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කාර්යයට අදාළ ක්ෂේත්‍ර චාරිකාවක් ලෙස ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, කොළඹ වරාය නගරය සහ පාර්ලිමේන්තුව නැරඹීමට අවස්ථාව උදා කර දී ඇත.

එසේම, මෙම වැඩසටහනට සමගාමීව “Clean Sri Lanka” වැඩසටහන සහ එහි සංකල්පමය වටිනාකම පිළිබඳව සිසු දරුදැරියන් දැනුවත් කිරීමද සිදු කෙරිණි.

පරිසර සංරක්ෂණයේ වැදගත්කම තහවුරු කරමින් මෙම වැඩසටහනට සහභාගී වූ පාසල් වෙත සංකේතාත්මක තිළිණ ලෙස වටිනා පැළ ප්‍රදානය කෙරිණි.

රට සංවර්ධනය කිරීම සඳහා සෑම ක්ෂේත්‍රයකම යෝධ වැඩ කළ හැකි පිරිසක් බිහි කළ යුතු බවත්, එමගින්, ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළ තලයකට ඔසවා තැබීමට හැකි බවත්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර මහතා මෙම අවස්ථාවට සහභාගි වෙමින් ප්‍රකාශ කළේය.

ඒ සඳහා යහපත් ආකල්ප තමා තුළම ඇති කර ගනිමින් තමන්ගෙන් වෙනස්වීම ආරම්භ කළ යුතු බවද, එමගින් ලෝකයේ ලස්සනම රට ශ්‍රී ලංකාව බවට පත් කිරීමට හැකි වනු ඇති බවද, කපිල ජනක බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ, ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ අධ්‍යක්ෂ එයාර් කොමදෝරු ආසිරි ගාල්ලගේ, එහි සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල යන මහත්වරුද, එම විද්‍යාලවල විදුහල්පතිවරු, ගුරුවරු සහ දෙමාපියෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...

ශ්‍රී ලංකාවෙන් මතු වූයේ පරාජයට හේතු නොව එංගලන්තයේ ජයග්‍රහණයට හේතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ එංගලන්තය...

‘මහින්ද දෘෂ්ටිවාදය’, ‘ජවිපෙ ආණ්ඩුවේ’ සුහුඹුල් හරිය සහ ‘රාජ්‍යය’

මා ‘මහින්ද දෘෂ්ටිවාදය‘ යන්නෙන් අදහස් කරන්නේ ජාතිවාදය, ගෝත්‍රිකත්වය සහ...

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...