Vision වැඩසටහනට සහභාගී වූ පාසල් සිසුන්!

Date:

රෂිකා හෙන්නායක ජූලි 18 කොළඹ LNW :

අද (18) දින ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන Vision වැඩසටහනට සහභාගී වීමට මහනුවර විද්‍යාලෝක විද්‍යාලය, අම්පාර වෙරන්කැ‍ටගොඩ විද්‍යාලෝක විද්‍යාලය සහ දිගම්පතහ කනිෂ්ඨ විද්‍යාලය යන පාසල්වල සිසුසිසුවියන් හට අවස්ථාව උදා විය.

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු ජනසන්නිවේදන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කාර්යයට අදාළ ක්ෂේත්‍ර චාරිකාවක් ලෙස ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, කොළඹ වරාය නගරය සහ පාර්ලිමේන්තුව නැරඹීමට අවස්ථාව උදා කර දී ඇත.

එසේම, මෙම වැඩසටහනට සමගාමීව “Clean Sri Lanka” වැඩසටහන සහ එහි සංකල්පමය වටිනාකම පිළිබඳව සිසු දරුදැරියන් දැනුවත් කිරීමද සිදු කෙරිණි.

පරිසර සංරක්ෂණයේ වැදගත්කම තහවුරු කරමින් මෙම වැඩසටහනට සහභාගී වූ පාසල් වෙත සංකේතාත්මක තිළිණ ලෙස වටිනා පැළ ප්‍රදානය කෙරිණි.

රට සංවර්ධනය කිරීම සඳහා සෑම ක්ෂේත්‍රයකම යෝධ වැඩ කළ හැකි පිරිසක් බිහි කළ යුතු බවත්, එමගින්, ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළ තලයකට ඔසවා තැබීමට හැකි බවත්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර මහතා මෙම අවස්ථාවට සහභාගි වෙමින් ප්‍රකාශ කළේය.

ඒ සඳහා යහපත් ආකල්ප තමා තුළම ඇති කර ගනිමින් තමන්ගෙන් වෙනස්වීම ආරම්භ කළ යුතු බවද, එමගින් ලෝකයේ ලස්සනම රට ශ්‍රී ලංකාව බවට පත් කිරීමට හැකි වනු ඇති බවද, කපිල ජනක බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ, ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ අධ්‍යක්ෂ එයාර් කොමදෝරු ආසිරි ගාල්ලගේ, එහි සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල යන මහත්වරුද, එම විද්‍යාලවල විදුහල්පතිවරු, ගුරුවරු සහ දෙමාපියෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආකාශ්ගේ දඟ කැවීමේ තර්ජණය මැද කොදෙව්වෝ ඉස්සර වෙති…

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 10, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

හිටපු අමාත්‍ය කෙහෙළියට සහ පවුලේ සාමාජිකයන්ට එරෙහි නඩුවක් කැඳවීමට දින!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10 ,කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

කථානායකට එරෙහිවත් විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක්. හැරෙන තැපෑලෙන් ඇමති බිමල්ගෙන් සැර ප්‍රතිචාරයක්!

කොළඹ LNW:විපක්ෂයේ ප්‍රජාත්‍රන්තවාදී අයිතිවාසිකම් සුරැකීමට කටයුතු නොකරන්නේ නම් කථානායකවරයාට...

අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය ගැන කථානායක මතය දැනුම් දෙයි. පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්!

කොළඹ LNW:ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර...