දේශබන්දු ගැන වාර්තාව ලබන සතියේ කථානායක වෙත!

Date:

කොළඹ LNW:සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ක්‍රියාකාලපය සම්බන්ධයෙන් සොයා බලන කමිටුවේ අවසන් වාර්තාව එළැඹෙන සතිය තුළ කථානායකවරයා වෙත භාරදීමට සැලසුම්කර ඇතැයි වාර්තා වෙයි.

දේශබන්දු තෙන්නකෝන් මහතා සිදුකර ඇති බව කියන විශමාචාර සහ සිය ධූරයේ බලතල බරපතල අන්දමින් භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් සකස් කිරීම සඳහා එම විශේෂ පරීක්ෂණ කමිටුවක් පත් කරනු ලැබූ අතර එහි සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා කටයුතු කරයි.

එහි සෙසු සාමාජිකයින් ලෙස විනිසුරු නීල් ඉද්දවෙල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක යන මහත්වරු කටයුතු කරන අතර
මෙම පරීක්ෂණ කමිටුව අවස්ථා 10කට වැඩි ගණනකදී රැස්වී සාක්ෂි සටහන් කර ගැනීම සිදුකර ඇත.

මේ අතර ජුලි මස 16 වැනිදා සිට එම පරීක්ෂණ කමිටුව දිනපතා රැස්වී සාක්ෂි සටහන් කර ගනිමින් සාක්ෂි සටහන් කරගැනීම අවසන් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මියන්මාර සයිබර් අපරාධ මැඩලීමට චීනය දැඩි තීරණ ගනී: 11කට මරණ දඬුවමද ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරයේ ක්‍රියාත්මක...

ප්‍රවීණයකුගේ නික්ම යෑම…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : මෙරට සිනමා ක්ෂේත්‍රයට...

ගල් අඟුරු සිද්ධියෙන් දුෂණයට පාර කපලා – මරික්කාර්ගෙන් ආණ්ඩුවට චෝදනා

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නිසි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීමේ...