විමල්ට එරෙහි නඩුවකුත් මාස තුනක් කල්දායි !

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු හය දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක විභාගය අගෝස්තු 29 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියම කළේය.

2016 වසරේදී එවකට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වී මහජන පීඩාවක් සිදුකිරීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රබලයින් ලෙස කටයුතු කළ ජයන්ත සමරවීර, මොහොමඩ් මුසම්මිල්, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක සහ රොජර් සෙනවිරත්න යන අය මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් නම්කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...