විමල්ට එරෙහි නඩුවකුත් මාස තුනක් කල්දායි !

Date:

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු හය දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක විභාගය අගෝස්තු 29 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියම කළේය.

2016 වසරේදී එවකට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වී මහජන පීඩාවක් සිදුකිරීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රබලයින් ලෙස කටයුතු කළ ජයන්ත සමරවීර, මොහොමඩ් මුසම්මිල්, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක සහ රොජර් සෙනවිරත්න යන අය මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් නම්කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජ්‍ය නිළධාරීන්ගේ වැටුප් රහිත නිවාඩු ගැන තීරණයක්!

රාජ්‍ය නිලධාරීන්ට දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත...

මැලේසියාවේ දී හොඳම පිතිකරු සම්මානය ආනන්දයේ දිලේන්ට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: ජාතික කනිෂ්ඨ අංශයේ ගොල්ෆ්...

ශ්‍රී ලංකාව වෙනුවෙන් හදවත උණු වූ බ්‍රිතාන්‍ය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : සිදු වූ ආපදාවෙන්...

ආපදාවෙන් බාධා වූ මාර්ග 256න් මාර්ග 252ක් මේ ගමනාගමනයට විවෘතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...