මීමුරේ වෑන් රථ අනතුරේ මරණ සංඛ්‍යාව තවත් ඉහළට

සටහන – රුවන් නෙළුගොල්ල

මීමුරේ, කරඹගොල්ල ප්‍රදේශයේදී ඊයේ (20) පස්වරුවේ වෑන් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරෙන් මියගිය සංඛ්‍යාව 04 දක්වා ඉහළ ගොස් තිබේ.

මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් විනෝද චාරිකාවක් සඳහා මී මුරේ ගම්මානයට ගමන් කරන අතරතුර මෙම අනතුරට මුහුණ දී තිබුණි.

නොවුන් ගමන් ගත් වෑන් රථය අධික බෑවුම් සහිත ප්‍රධාන මාර්ගයකින් ඉහළ වංගුවේ සිට පහළ වංගුව දක්වා මීටර් 30ක් පමණ පහළට පෙරළී ගොස් යළි ප්‍රධාන මාර්ගය අසළ නැවතී තිබේ.

අනතුරින් මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් තිදෙනෙක් සහ එක් පිරිමි පුද්ගලයෙකු වන බව සඳහන්.

එමෙන්ම අවුරුදු 5ක කුඩා දරුවෙකු සහ තවත් අයෙකු බරපතළ තුවාල ලබා තෙල්දෙණිය මූලික රෝහලට ඇතුළත් කළ පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති බවත් වාර්තා විය.

අනතුරට ලක්වන අවස්ථාවේදී වෑන් රථයේ පුද්ගලයින් 6 දෙනෙකු සිට ඇති අතර ප්‍රදේශවාසීන් එක්ව රථයේ සිටි පුද්ගලයින් පිටතට ගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලුණු විලක සිට කාන්තාර මාර්ගයක් දක්වා: ලොව මවිත කරන අද්භූත නිර්මාණ නවයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): ආර්ජන්ටිනාවේ ගිටාරයක හැඩයෙන් යුත් වනාන්තරයක...

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...