රුසියාව සෙලවෙයි!

රෂිකා හෙන්නායක ජූලි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයට රික්ටර් මාපකයේ 7.4 ක් සහ ඒ අසලම 6.7 ක ප්‍රභලත්වයකින් යුත් භූමිකම්පා දෙකක් හටගෙන තිබෙන බව වාර්තා වේ.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ , එම භූ කම්පනය කිලෝමීටර් 20 ක් ගැඹුරින් සිදු වූ අතර එය 180,000 ක ජනගහනයක් සිටිනපෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි නගරයට නැගෙනහිරින් කිලෝමීටර් 144 ක් දුරින් සිදු වි තිබෙන බවයි .

එම භූමිකම්පා දෙකකින් පසු පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අවදානම් අනාවැකියක් නිකුත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පළමු භූ කම්පනයෙන් පසු සුනාමි රළ ඇතිවීමේ අවදානම අඩි 3.3 දක්වා රළ ඇතිවිය හැකි බව සඳහන් කළ නමුත් දෙවන භූමිකම්පාවෙන් පසු රුසියාවේ හදිසි අවස්ථා අමාත්‍යාංශය ද සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර වෙරළබඩ ජනාවාසවල පදිංචිකරුවන්ට වෙරළෙන් ඈත්ව සිටින ලෙස ඉල්ලා ඇති බවයි .

ජීවිත හානි පිළිබඳ මෙතෙක් වාර්තාවී නොමැති

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...