ජපාන අගමැති අගමැති ෂිගේරු ඉෂිබාට ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ පාලනය අහිමි වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ ඊයේ(20)පැවති මැතිවරණයේදී අගමැති ෂිගේරු ඉෂිබාගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට (LDP) ඉහල මන්ත්‍රී මණ්ඩලයේ පාලනය අහිමිව ගිය බව වාර්තා වේ.

ඒ අනුව, ඉහල මන්ත්‍රී මණ්ඩලයේ පාලනය රඳවා තබා ගැනීමට අවශ්‍ය ආසන 50 න් අගමැති ෂිගේරු ඉෂිබාගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ලබාගත හැකි වුයේ ආසන 47ක් පමණක් වන අතර එහි ජය දක්ෂිණාංශික ජනතාවාදී පක්ෂයකට හිමි වී ඇත.

මේ වනවිට රටේ පහත වැටෙන උපත් අනුපාතය සහ ආහාර මිල ඉහළ යාම, විශේෂයෙන් සහල් මිල ඉහළ යාම පිළිබඳව බොහෝ ඡන්දදායකයින් කනස්සල්ල පළ කළ අතර, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය සමඟ ඉහළ කොටස් වෙළඳ සාකච්ඡාවල සිරවී සිටින ඉෂිබාට මෙම ප්‍රතිඵලය තවත් බරපතල පහරක් වී ඇත.

කෙසේ නමුත් අගමැති ඉෂිබා තවදුරටත් සුළුතර රජයකට නායකත්වය දී දුර්වල ප්‍රතිඵලය නොතකා අගමැති ධුරයේ දිගටම රැඳී සිටීම සුදානම් බව ප්‍රකශ කරමින් ජපානයේ NHK සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර තිබුණේ, මෙම ප්‍රතිඵලය අමාරු තත්වයක්වන බවත්, ඒක හරිම නිහතමානීව සහ බැරෑරුම්ව ගත යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙල්බද්දර පද්මේ හෙළි කල රහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : රැඳවුම් නියෝග මත...

ආපදා කළමනාකරණයට කැබිනට් අමාත්‍යාංශයක් පත්කරන්න – සජිත්ගෙන් ආණ්ඩුවට යෝජනාවක්!

කොළඹ LNW:ආපදා කළමනාකරණය වෙනුවෙන් වෙනම කැබිනට් අමාත්‍යාංශයක් ස්ථාපිත කරන...

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:දෙමටගොඩ පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ...

මිහින්තලේ සීප්පුකුලමේ ජූරියයි, අලුගෝසුවයි ජනතාව ද? අමානුෂික අලි ඝාතනයට යුක්තිය කෝ?

මිහින්තලේ සීප්පුකුලමේ ජූරියයි, අලුගෝසුවයි ජනතාව ද? අමානුෂික අලි ඝාතනයට යුක්තිය කෝ?