විපක්ෂ නායක මාරුකිරීමට කිසිම රහස් සාකච්ඡාවක් නෑ. සජබට එහෙම අවශ්‍යතාවකුත් නෑ – මුජිබර්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස මහතා වෙනුවට වෙනත් අයකු පත්කිරීම සඳහා රහස් සාකච්ඡා පැවැත්වෙන බවට පළවන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍යය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

“අපි දැක්කා විශේෂයෙන්ම මේ විපක්ෂ නායකවරයා මාරු කරන්න රහස් සාකච්ඡා යනවායි කියන කතාවක්. මම පැහැදිලිව කියන්න ඕනෙ විපක්ෂ නායකවරයා මාරුකිරීමේ කිසිම රහස් සාකච්ඡාවක් නැහැ. එහෙම රහස් සාකච්ඡාවක් කොහේවත් ගිහිල්ලාත් නෑ අපි දන්න තරමින්. ඒ වගේම එහෙම අවශ්‍යතාවයක් සමගි ජන බලවේගයට, පාර්ලිමේන්තු කණ්ඩායම තුළ එහෙම අදහසක් ඇවිල්ලාත් නෑ, එහෙම අදහසක් ඇතිවෙලාත් නෑ”

මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (20) සමගි ජන බලවේගය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (1) සිට ක්‍රියාත්මක පොලිතීන් බෑග් නීතිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : අද (1) සිට...

සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ සැකකරුවන් 05ක් තියුණු ආයුධ සමග අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01,කොලඹ LNW : පොලිස් විශේෂ කාර්ය බලකාය...

විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිතයෙක්!

කොළඹ LNW:විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත ලෙස බස්නාහිර...

ලොව පුරා ශීත ඍතුව එළඹීමත් සමග මෙරරට ආ අමුත්තෝ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01,කොළඹ LNW : පෝලන්තයේ ප්‍රධාන ගුවන් තොටුපොළ...