නුවනිඳුගෙන් ශතකයක්

Date:

නිශ්මං රණසිංහ ජූලි 21, කොළඹ LNW:

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා ඒ කණ්ඩායම අතර පැවත්වෙන දෙවන සිව් දින තරගයේ පළමුව පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම කඩුළු හතරක් දැවී ලකුණු 263 ක් රැස් කරගෙන සිටිනවා.මේ සංචාරය පුරාම ලකුණු අතර සිටින නුවනිඳු ප්‍රනාන්දු පිතිකරණයේ දී යළිත් දක්ෂතා දක්වමින් ශතකයක් රැස් කරන්නට සමත් විය.ලහිරු උදාර නවත අසාර්ථක වෙමින් ලකුණු 12 ට දැවී ගිය විට මුළු ලකුණු ප්‍රමාණය 18 ක් පමණක් විය.එතැන් සිට දෙවන කඩුල්ලට කමිල් මිෂාර (81) සමඟ එකතු වූ නුවනිඳු ලකුණු 116 ක සබඳතාවයක් පැවත්වීය.


ලකුණු 18 දී කඩුල්ලට පැමිණි නුවනිදු,ඉවසිලිවන්ත ඉණිමක් ක්‍රීඩා කරමින් පන්දු 234 දී හතරේ පහර හතක් සහ හයේ පහර එකක් සමඟ ලකුණු 102 දී දැවී යන විට මුළු ලකුණු පූවරුව 245 ක් ව තිබිණ.කඩුල්ලේ රැදී සිටින පවන් රත්නායක නොදැවී ලකුණු 43 ක් ද සොනාල් දිනූෂ නොදැවී ලකුණු 5 ක් ද ලබා නොදැවී සිටිති.
ලකුණු පූවරුවට මෙතනින් පිවිසිය හැකිය. https://bit.ly/4lENMus

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවකුට ඇප!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : පසුගියදා අධිකරණ සංකීර්ණය...

ආපදාවට ලක්වූ කර්මාන්ත සහ ව්‍යාපාර වෙත බැංකු සහනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් කර්මාන්ත...

සාවද්‍ය පුවතක් ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : ‘ග්‍රාම නිලධාරී සම්බන්ධ...

ආපදාවෙන් අඩාල වූ ජනජීවිත ගොඩගන්න රු. බිලියන 500 පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:හෙට (18) දින පෙ.ව.09.30ට පාර්ලිමේන්තුව රැස්වෙන අතර හදිසි...