Tasty Tuesdays : බටර් චිකන් (The Creamy Magic of Butter Chicken)

Date:

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන, රෙසිපීස් හැඳෙන හැටි, රෙස්ටුරන්ට් රිවීව්ස්, වයිරල් යන ඩිෂස්, මෙන්ම සංස්කෘතික ආහාර රටාවන් පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත හැකි වනු ඇත. රැඳී සිටින්න අප සමඟ!

සටහන – පුලී

ජූලි 22, කොළඹ (LNW): බටර් චිකන් කියන්නේ ලොව පුරා විශාල ප්‍රසාදයක් දිනා ඇති, රසවත් ඉන්දීය කෑමකි. එය නාන්, පිසූ බාස්මති බත්, හෝ පරාතා සමඟ කෑමට සුපිරිම තේරීමක් කීවොත් මා නිවැරදි ය. අද “Tasty Tuesdays” දිගහැරෙන්නේ, “බටර් චිකන්” කලාව ගැනයි.

බටර් චිකන් වල රසබර ඉතිහාසය;

1950 දශකයේදී පමණ එවකට ඉන්දියාවේ දිල්හි නගරයේ Moti Mahal නමැති ආපන ශාලාවේ, කුන්දන් ලාල් ගුජ්රාල් නමැති සූපවේදියා විසින් මෙම ව්‍යාංජනය සකසා ඇතැයි වාර්තා වේ.

ඔහුට තිබුනු අභියෝගය වූයේ ඉතිරිවුණු තන්දුරි චිකන් නාස්ති නොවී රසවත් ආහාරයක් බවට පරිවර්තනය කිරීමයි. ඔහු එය තක්කාලි, බටර් ඇතුළත් මෘදු කාරක සෝස් එකක් තුළ පිස දමමින් ලෝකප්‍රකට Butter Chicken ඩිෂ් එක නිර්මාණය කිරීමේ පුරෝගාමියා විය.

බටර් චිකන් යනු?

හින්දි භාෂාවෙන් “මුර්ග් මකානි” ලෙස හඳුන්වනු ලබන මෙම ඩිෂ් එක, ග්‍රිල් කළ හෝ පෑන්-පිසූ මැරිනේට් කළ කුකුළු මස් වලින් සාදා, පසුව බටර්, තක්කාලි, හෙවි ක්‍රීම් සහ ගරම් මසාලා, දුරු සහ මහදුරු වැනි ඇරෝමැටික් කුළුබඩු වලින් සපිරි වූ කෑමකි.

📝 අවශ්‍ය ද්‍රව්‍ය

(500g බටර් චිකන් සැකසීම සඳහා)

චිකන් මැරිනේඩ් කිරීමට;

•චිකන් 500g (කපාගත්)

•යෝගට් කප් 1

•ලෙමන් ජූස් හැදි 1

•මිරිස් පවුඩර් 1 tsp

•ගරම් මසාලා 1 tsp

•ඉඟුරු-සුදුළූණු පේස්ට් 1 tbsp

•ලුණු රස අනුව

සෝස් එක සඳහා;

•බටර් හැදි 2

•තෙල් හැදි 1

•ලූණු ගෙඩි 1 (කපාගත්)

•තක්කාලි ගෙඩි 2 (බ්ලෙන්ඩ් කර ගත්)

•කුමින්, කොරියැන්ඩර්, මිරිස් පවුඩර් ( 1 tsp බැඟින්)

•හෙවි ක්‍රීම් කප් ½

•ලුණු රස අනුව

•කොත්මල්ලි 

👨‍🍳 පිසීමේ ක්‍රමය

චිකන් මැරිනේට් කිරීම – අදාල සියලු ද්‍රව්‍ය චිකන් සමඟ එකට මිශ්‍ර කර පැය 4ක් හෝ රාත්‍රිය පුරා තබා ගන්න.

මැරිනේට් කරගත් චිකන් ටික අවන් හෝ ග්‍රිල් එකක දමා රෝස්ට් කර ගන්න

පසුව සෝස් එක සඳහා පෑන් එකකට බටර් දමා එයට ලූණු දමාගන්න වර්ණය වෙනස් වන තුරු පිස ගැනීමෙන් අනතුරුව තක්කාලි පියුරේ එකතු කර අමු රසය ඉවත් වන තුරු පිසගන්න. පසුව හෙවි ක්‍රීම් සමඟ අනෙකුත් කුළුබඩු වර්ග මිශ්‍ර කරන්න.

පැසීගෙන එන සෝස් එකට රෝස්ට් කළ චිකන් එක එක්කර සෝස් එකේ හින්ඳවන්න. 

පිසූ බටර් චිකන් කරිය සමඟ උණු උණුවෙන් නාන්, පරාටා හෝ පිසූ බාස්මති බත් පිළිගන්වන්න.

ගෑවුන තැන කතහැකි බටර් චිකන් කලාව ගැන දැනුමට යමක් අද ඔබට “Tasty Tuesdays” තුළින් දැනගත්තා විය හැකිය.

ඊළඟ අඟහරුවාදාත් මුණගැහෙමු!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩිජිටල්කරණයෙහි නවමු මංපෙතක් විවර කරන “Super App” පද්ධතිය!

සටහන – පුලී ජූලි 22, කොළඹ (LNW): ඩිජිටල්කරණයෙහි ප්‍රධාන පියවරක්...

වව්නතිව් පොලිස් නිලධාරීන් ඝාතන සිද්ධියට අදාළව තවත් පොලිස් නිලධාරියෙක් CID අත්අඩංගුවට!

කොළඹ LNW:පාස්කු ප්‍රහාරයට පෙර 2018 වසරේ නොවැම්බර් මාසයේ 30...

දේශබන්දු තෙන්නකෝන්: පාර්ලිමේන්තුවේ තීරණයෙන් පසු දඬුවම් නියම කිරීමේ බලය ඇත්තේ කාට ද?

දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන්...