ජුනි මාසෙට ඉන්ධන ගේන්නවත් ඩොලර් නෑ – බලශක්ති ඇමති ඉන්දියාවේ ණය අපේක්ෂාවෙන්

Date:

ජුනි මාසයේදී රටට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම සඳහා හෝ ප්‍රමාණවත් ඩොලර් සංචිත මහ බැංකුව සතුව නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් අද ඇමතිවරයා සහ මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සාකච්ඡා පවත්වා තිබෙනවා. මහ බැංකු අධිපතිවරයා පවසා තිබෙන්නේ ඉන්ධන ගෙන්වීමට හෝ ඩොලර් ලබාදිය නොහැකි බවයි.

ජුනි මාසයේ ඉන්ධන අවශ්‍යතාවය සපුරාලීම සඳහා ඩොලර් මිලියන 554 ක් අවශ්‍ය වන අතර දැනට ඉන්දියාව විසින් ලබාදුන් ණය මුදල්වලින් මිලියන 100 ක් ඉතිරි වී තිබෙනවා. ඉතිරි මුදල් සොයා ගැනීමේ අර්බුදයකට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා මුහුණ දී සිටී.

අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ ඉන්දියාවෙන් තවත් ණය මුදලක් අපේක්ෂාවෙන් සිටින බවයි. ඊට අදාල සාකච්ඡා මේ වනවිටත් ආරම්භ වී ඇති බවද අමාත්‍යවරයා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මහ බැංකුව විසින්...